ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චමරි අතපත්තු ක්‍රීඩා කරන මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට එරෙහිව අද (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට හෝබාට් හරිකේන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. මෙල්බර්න් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ඇමී සැටර්ත්වයිට් පන්දු 58 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 65 ක් රැස්කළාය.
මෙල්බර්න් ඉනිමේ පස්වැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි චමරි අතපත්තුට පන්දු 25 කදී හතරේ පහරක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි. බෘක් හෙප්බර්ම්ගේ පන්දුවක් හමුවේ වෙරෝනිකා පයික් අතට උඩ පන්දුවක් දෙමින් චමරි පිටියෙන් ඉවත්ව ගියාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හෝබාට් හරිකේන්ස් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ ලකුණු 120 ක් රැස්කළ අතර වේදා ක්‍රිෂ්ණමුත්තු පන්දු 35 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 40 ක් රැස්කරමින් හෝබාට් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.
හෝබාට් හරිකේන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 120
(ස්ටෙෆානි ඩෆාරා 28, වේදා ක්‍රිෂ්ණමූර්ති 40, ජෝජියා රෙඞ්මයින් 20, ලියා ටහූහූ 25/3, හේලි ජෙන්සෙන් 11/2, ජෝජියා වර්හැම් 22/2)
මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 116
(එමා ඉංලිස් 14, ඇමී සැටර්ත්වයිට් 68, චමරි අතපත්තු 19, බෘක් හෙප්බර්ම් 24/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.