දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ මස 6 වැනිදා කොළඹදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක
සදහා නම් කළ 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ හිටපු උපනායක දිනේෂ් චන්දිමාල්ට ස්ථානය අහිමිවී තිබේ.
චන්දිමාල්ගේ ස්ථානයට ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග කැඳවා තිබේ.
ශ්‍රී ලංකා පිලේ අවසන් එක්දින තරගාවලිය වන එංගලන්ත තරගාවලියට චන්දිමාල්ට සහභාගි වූ අතර එක තරගයකට පමණක් ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය.
දෙරට අතර පළමු එක්දින තරගය 06 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර දෙවැනි තරගය 9 වැනිදා පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
අවසන් එද්නි තරගය මේ මස 12 වැනිදා සූරියවැව ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා (ශාරීරික යෝග්‍යතාව මත), කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, උපුල් තරංග, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.