Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චතුරංග තවදුරටත් කණ්ඩායමේ රඳවාගනී

චතුරංග තවදුරටත් කණ්ඩායමේ රඳවාගනී

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට කැඳවන ලද තුන් ඉරියව් කී‍්‍රඩක චතුරංග ද සිල්වා දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය සඳහාත් රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා ඒ’ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය හෙට (19 වැනිදා) රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

ආසියානු කුසලාන තරගාවලිය මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන අතර හෙට දඹුල්ලේදී ආරම්භ වන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය අවසන් වීමට නියමිතව ඇත්තේ 22 වැනිදාය.

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු නිල නොවන තරගයේදී ඉනිම දෙකේදීම පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද හොඳ දස්කම් පෙන්වූ චතුරංග ද සිල්වා වමතින් දග පන්දු යවන්නකු මෙන්ම විශ්වාසය තැබිය හැකි මැද පෙළ පිතිකරුවෙකි. චතුරංග නවසීලන්ත ඒ’ පිලට එරෙහිවද සාර්ථක දස්කම් දැක්වූ කී‍්‍රඩකයෙකි.

”මේ තරගයේදී කණ්ඩායමේ වෙනසක් වෙනවානම් ඒ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයයි. ඒත් මේ තරගයේත් චතුරංග ක‍්‍රීඩා කරනවා...මීළඟ තරගයට ඔහු ඉන්න එකක් නෑ. ඒ නිසා තුන්වෙනි තරගයට වෙනත් කී‍්‍රඩකයකු- ආදේශ කරන්න වේවි” යයි ඊයේ පස්වරුවේදී රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡවකට සහභාගි වෙමින් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක උපුල් තරංග පැවසීය.

අත්දැකීම් බහුල ඉතාමත් ප‍්‍රබල කී‍්‍රඩකයක් රැුසකගෙන් සමන්විත එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ටෙස්ට් කී‍්‍රඩකයෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. ඔවුන් අතුරින් හය දෙනකු පල්ලෙකැළේදී පැවැති තරගයට කී‍්‍රඩා කළහ.

එංගලන්ත ලයන්ස් පිල හා සැසඳීමේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අත්දැකීම් අඩු ඉතාමත් ලාබාළ කණ්ඩායමකි. ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් 9 දෙනකුම මේ වන විටත් ජාතික කණ්ඩායමට එක්ව සිටින අතර ජාතික කණ්ඩායමට එක් නොවූයේ චතුරංග ද සිල්වා පමණි.

එහෙත් එංගලන්ත ලයන්ස් පිලේ ශක්තිය පිළිබඳව නිසි තක්සේරුවක යෙදුණු ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම තරගය සඳහාත් චතුරංග ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර තිබේ.

”මම හිතන්නේ මෙම තරගය අපට ගොඩක්ම වැදගත් තරගයක්. තරගාවලියේ ජයග‍්‍රහණය තීරණය වෙන්නේ මෙම තරගයෙන්”

”එනිසා අපි හොඳින් පුහුණුවිම් කටයුතු කළා. මං හිතන්නේ කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් හොඳ සූදානමකින් ඉන්නෙ මීළඟ තරගයට මුහුණ දෙන්න” යයිද උපුල් තරංග වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පිතිකරුවන්ට හිතකර තණතිල්ලක් තිබෙන බවයි.  

”අපි පසුගිය වසරේත් මෙහි ක‍්‍රීඩා කළා. එනිසා තරගයේ අවසන් භාගයේදී ලකුණු අතරට යන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා.” යයිද කළුවිතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම
උපුල් තරංග (නායක), උදාර ජයසුන්දර, භානුක රාජපක්‍ෂ, රොෂ්න් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මාධව වර්ණපුර, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, චතුරංග ද සිල්වා, තරිඳු කෞෂාල්, චතුර රන්දුනු, විශ්ව ප‍්‍රනාන්දු, ඉෂාන් ජයරත්න සහ ළහිරු ගමගේ

එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම
කි‍්‍රස් වෝක්ස් (නායක), මොයීන් අලී, ජොනී බෙයාර්ස්ටෝ, ස්කොට් බ‍්‍රැත්වික්, වරුන් චොප්රා, බෙන් ෆෝක්ස්, ජේම්ස් හැරිස්, කි‍්‍රස් ජෝර්ඞ්න්, සයිමන් කෙරිගන්්, ඇලෙක්ස් ලීස්, ටයිමල් මිල්ස්, ග‍්‍රැහැම් ඔනියන්ස්, ලයාම් ප්ලන්කට්, ඔලී රේනාර්, සෑම් රොබ්සන්, ජේම්ස් ටේලර් සහ ජේම්ස් වින්ස්


අදහස් (0)

චතුරංග තවදුරටත් කණ්ඩායමේ රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.