Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 5 ක ජයක්
අයි.පී.එල්.- 2022

ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2022 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායිහිදී ඊයේ අද (28 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 4 වැනි තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

රාහුල් තේවාටියා පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් ලබාගනිමින් ගුජරාට් ටයිටන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 33 ක්, මැතිව් වේඞ් සහ ඬේවිඞ් මිලර් ලකුණු 30 බැගින් රැස්කරමින් ගුජරාට් ටයිටන්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.
ඕවර 3 ක් යැවූ දුෂ්මන්ත චමීර ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් රැස්කිරීමට සමත්විය.

දීපක් හූඩා සහ අයුෂ් බදෝනී අර්ධ ශතක ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

දීපක් හූඩා පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත් අතර අයුෂ් බදෝනී පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් ලබාගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 68 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත්වූහ.

මොහොමඞ් ශාමී කඩුලු 3 ක් සහ වරුන් ඒරන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තරගයේ වීරයාට හිමි සම්මානය මොහොමඞ් ශාමී විසින් දිනාගන්නා ලදී.

ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 20කදී කඩුලු 6 ක් දැවී 158

(දීපක් හූඩා 55, අයුෂ් බදෝනී 54, කෘනාල් පාණ්ඩ්‍යා 21, මොහොමඞ් ශාමී 25/3, වරුන් ඒරන් 45/2)

ගුජරාට් ටයිටන්ස් - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 161
(මැතිව් වේඞ් 30, හර්දික් පාණ්ඩ්‍යා 33, ඬේවිඞ් මිලර් 30, රාහුල් තේවාටියා නොදැවී 40, දුෂ්මන්ත චමීර 22/2)


අදහස් (0)

ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.