Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන (104) ශතකයක් සහ කඩුලු 2 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් පෑමට සමත්වූ අතර පසන් පෙතන්ගොඩ ලකුණු 40 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහින්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 307
(නවෝද් පරණවිතාන 104, විනුර දුල්සර 85, රේෂාන් කාවින්ද නොදැවී 54, හංසික වැලිහිඳ 28, උසිඳු යෙෂංක 56/2)
ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(මනෝහරන් පවිත්‍රන් 38, නිම්සර අත්තනගල්ල 32, මංජිත් රාජපක්ෂ 28, සුබානු රාජපක්ෂ 17/3, කේ.කෙවින් 13/2, නවෝද් පරණවිතාන 27/2)
ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 75.1 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(නිම්සර අත්තනගල්ල 42, මනෝහරන් පවිත්‍රන් 27, මංජිත් රාජපක්ෂ 26, පසන් පෙතන්ගොඩ 40/6, කවිඳු එදිරිවීර 39/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.