Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව ලකුණු 108 ක ජයක් හිමිකරගත් ගාල්ල මහින්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය.
මෙම තරගය ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන (106) ශතකයක් සහ කෝසල උදයංග (81) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කුෂාන් මදූෂ සහ චේතිය ගුණසේකර කඩුලු තුන බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මහින්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 252
(නවෝද් පරණවිතාන 106, කෝසල උදයංග 81, සිහින සිතුමිණ 52/2)
ද මැසිනොද් විදුහල - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 144
(සිහින සිතුමිණ 40, කුෂාන් මදූෂ 28/3, චේතිය ගුණසේකර 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.