අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 6 ක් අවසන් වනවිට උපුල් තරංග මෙහෙයවනු ලබන ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 9 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.
තරග 3 කට සහභාගිවී ඇති ගාල්ල කණ්ඩායම තරග 2 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. කොළඹ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 8 ක් හිමිකර ගැනීමට සමත්විය. දිනේෂ් චන්දිමාල් මෙහෙයවනු ලබන ගාල්ල කණ්ඩායම තරග 3 කට සහභාගී වෙමින් තරග 2 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්විය.
එක් තරගය බැගින් ජයගැනිමට කුසල් ජනිත් මෙහෙයවනු ලබන දඹුල්ල කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවනු ලබන මහනුවර කණ්ඩායම සමත්වුවද දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැති තරයේදී අතිරේක ප්‍රසාද ලකුණක් හිමිකරගත් දඹුල්ල කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.