Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල දිස්ත්‍රික්කයේ කලාප දෙකටම ජය

ගාල්ල දිස්ත්‍රික්කයේ කලාප දෙකටම ජය

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18 වැනිදා) පැවැති තරග දෙකකදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවැනි කලාප කණ්ඩායම් සමත් විය.

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේදී බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල 1 කලාප කණ්ඩායම සමත් වූ අතර මොනරගල වෙල්ලස්ස ක්‍රීඩාංගණයේදී රත්නපුර දිස්ත්‍රක් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ගාල්ල 2 කලාප කණ්ඩායම කඩුලු 7 ක ජයක් ලැබීය.  


ගාල්ල 1 කලාපයට ලකුණු 63 ක ජයක්
ගාල්ල 1 කළාපය - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 216
(ඉඳුවර උදේන 57, විදුර ලක්ෂාන් 43, චාර්ය පරණවිතාන 32, හිරුණ මුන්දිල 25, ප්‍රමේෂ් මධුභාෂණ 23, එස්. කබිලේෂ්වරන් 41/5, විනුත් තිසරක 36/3)
බදුල්ල දිස්ත්‍රික්කය - ඕවර 36.4 සියලු දෙනා දැවී 153
(ගිම්හාන කේෂර 22, ඉඳුවර උදේන 29/3, විදුර ලක්ෂාන් 08/2, කවිඳු අමරසිංහ 19/2)


ගාල්ල 2 කලාපයට කඩුලු 7 ක ජයක්
රත්නපුර දිස්ත්‍රික්කය - ඕවර 48.5 සියලු දෙනා දැවී 213
(රසිඳු දිල්ෂාන් 77, තුහින අනුවන් 33, නිමන්ත හසංක 27, ඉරුෂ්ක තිමිර 18/3, ලිදුල නුවංග 28/2)  
ගාල්ල 2 කළාපය - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 214
(චෙහාන් සුබසිංහ 71, භානුක මනෝහර 53, පවන් සන්දේෂ් 30, තරින්ද නිර්මාල් 40, චානුක ධනංජය 48/2)

-036


අදහස් (0)

ගාල්ල දිස්ත්‍රික්කයේ කලාප දෙකටම ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.