Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය අනිද්දා (29) ආරම්භ වීමට නියමිතව තිබිය දී එහි තණතීරුවේ ස්වභාවය සම්බන්ධයෙන් විදේශිකයකුගේ අනුදැනුමෙන් කරුණු සොයා බැලීමට උනන්දු වූ බව කියන මෙරට සංචාරක මගපෙන්වන්නෙකුගෙන් අද (27) ප්‍රශ්න කිරීමට ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කටයුතු කර තිබේ.
මෙම විදේශිකයා අසල්වැසි රටක පුද්ගලයෙකු බව පැවසේ. මොහු ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවේ තොරතුරු ලබාගැනීමට උනන්දුවී ඇතැයි හෙළි වන්නේ මෙරට මෙම සංචාරක මග පෙන්වන්නා හවුල් කර ගනිමිනි.
ඒ අනුව මෙම ලාංකික පුද්ගලයා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය අද ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කර තිබෙන එම ඒකකයට කැඳවමිනි. එහිදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කළමනාකරුවකුගෙන්ද ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ‘‘ලංකාදීප’’ ය කළ විමසුමකදී ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විමර්ෂණ ඒකකයට මෙන්ම ජාත්‍යන්තර පොලිසියද දැනුවත් කිරීමට සිය ඒකකය කටයුතු කළ බවයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කරමිනි. සැකයට භාජනයවී සිටින මෙම විදේශීය පුද්ගලයා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරග ආරම්භ වීමට දින කීපයක් තිබිය දී ගාල්ල ක්‍රීඩාංගණයේ තණ තීරුවේ ස්වභාවය සොයා බැලීමට උනන්දුවීම පිටුපස ඔහු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන්නෙකු දැයි සොයා බැලීම මෙම විමර්ෂණයේ අරමුණ බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරග පැවැති මීට පෙර අවස්ථා කීපයකදීත් තරග පාවාදීමේ සැකයට තුඩුදුන් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ.
වසර 2016 දී හා 2017 දී ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට හා ඉන්දියාවට එරෙහිව එහිදී පැවැති ටෙස්ට් තරග දෙකක දී තණතීරුව සත්කාරක කණ්ඩායමට වාසිවන අන්දමට සකස් කළ බවට ක්‍රීඩාංගණයේ තණ තීරු සකස් කරන්නෙකුට චෝදානා කරමින් අල්ජසිරා රූපවාහිනිය විකාශය කළ දර්ශන ඇතුළත් වාර්තාවක් එකළ ලොව පුරා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්විය.
ඒ හේතුවෙන් පසුව ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරු සකස් කරන්නෙකු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තහනමට ද ලක්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.