Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල ක්‍රීඩකයෝ අලි අමාරුවක
ජාතික සුපිරි ලීගය - 2023

ගාල්ල ක්‍රීඩකයෝ අලි අමාරුවක

editorial - 2023 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ අද (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල ක්‍රීඩකයෝ, පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 26 ක් ලබා දැඩි අසීරු තාවකට පත්ව සිටියහ.

ඒ අනුව ගාල්ල කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 222 ක් පසුපසින් සිටියි. පළමු දිනය නිමාවට පත්වන විට හෂාන් දුමිඳු නොදැවී ලකුණු 9 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි පසිඳු සූරියබණ්ඩාර ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත.  

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 248 ක් ලබාගත් අතර අභිෂේක් ලියනාරච්චි (54) සහ මිනෝද් භානුක (50) අර්ධ ශතක ලබාගනිමින් ඉනිම ගොඩනැගූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දඹුල්ල පිතිකරුවන් මෙල්ල කළේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 248
(අභිෂේක් ලියනාරච්චි 54, පවන් රත්නායක 31, සනෝජ් දර්ෂික 37, මිනෝද් භානුක 50, වනිඳු හසරංග 15, දුෂාන් හේමන්ත නොදැවී 27, චමිඳු විජේසිංහ 15, දුනිත් වෙල්ලාලගේ 58/5, කවිෂ්ක අංජුල 38/2)

ගාල්ල පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 26
(වනිඳු හසරංග 13/2)


අදහස් (0)

ගාල්ල ක්‍රීඩකයෝ අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.