Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඕෂධ ප්‍රනාන්දු (52) තුවාල ලබා පිටියෙන් ඉවත්ව යාමට පෙර දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව ගොඩනැංවූ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් (එන්.එස්.එල්.) පළමු පෙළ තරගාවලියේ අවසන් තරගයේදී ගාල්ල ක්‍රීඩකයෝ හිස් ඔසවා ගත්හ. ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් තරගයේ පළමු දිනය වන අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ගාල්ල කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටියේය.
අද උදෑසන පැවති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර දිනය පුරා යැවිය හැකිවූයේ ඕවර 56 ක් පමණි.
උදෑසන පැවැති වර්ෂාව සහ මන්දාරම් අහස් කුස යටදී කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් ධනංජයගේ තීරණයේ සාර්ථකත්වය රඳා පැවතියේ ස්වල්ප වේලාවකි. තුළිණ ඩිල්ෂාන් දවාගැනීමට මොහොමඩ් ශිරාස් සමත් වූ නමුත් එතැන් සිට එක්වූ ඕෂධ ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා අගනා සම්බන්ධතාවක් ගොඩනඟමින් ගාල්ල කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ.
ඕෂධ තුවාල ලබා පිටියෙන් ඉවත් වීමෙන් පසුව දඹුල්ල පන්දු යවන්නන් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ නමුත් දිනයේ ක්‍රීඩාව නිමා වන විට ගාල්ල ක්‍රීඩකයෝ ලකුණු 200 කඩඉම පසුකර සිටියහ.
ගාල්ල - ඕවර 56 කදී කඩුලු 5 ක දැවී 210 යි
(ඕෂධ ප්‍රනාන්දු 52, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ නොදැවී 27, මොහොමඩ් ශිරාස් 63/2, අකිල ධනංජය 53/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.