‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට බෙන්තොට ගාමිණි ජාතික පාසල සමත්විය. මෙම තරගය බෙන්තොට ගාමිණි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හෂාන් ජනුක (83) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ චමිල කිත්මාල් ඉනිම දෙකෙහිදි කඩුලු 9 ක් සහ ඔමිල නිලුපුල් කඩුලු 5 ක් දවාගනිමින් ගාමිණි ජාතික පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
සඳරුවන් කොස්තා කඩුලු 6 ක් දවාගනිමින් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලුදෙනා දැවී ලකුණු 88
(ප්‍රකාෂ් ජයවර්ධන නොදැවී 23, නුරාජ් ප්‍රසංග 23, ඔමිල නිලුපුල් 23/5, චමිල කිත්මාල් 10/4)
ගාමිණි ජා.පා - පළමු ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 192
(හෂාන් ජනුක 83, චමිල කිත්මාල් 26, සඳරුවන් කොස්තා 61/6, හිරූෂ මෙන්ඩිස් 46/3)
ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(හිරූෂ මෙන්ඩිස් 62, චමිල කිත්මාල් 21/5, පසිඳු හංසක 20/2)
ගාමිණි ජා.පා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 3.4 කදී කඩුලු 2 දැවී ලකුණු 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.