Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගලහිටියාව මැදි විදුහලට ඉනිමක ජයක්

ගලහිටියාව මැදි විදුහලට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගලහිටියාව මැදි විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල් ‘බී’ කණ්ඩායම අතර පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 95 ක ජයක් වාර්තා කිරීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය. 

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ ගලහිටියාව මැදි විදුහලේ එසඳ සිතුම් ලකුණු 60 ක් රැස්කරමින්, ලකුණු 28 කට කඩුලු 6 ක් දවාගැනීමටද සමත් විය. 

ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 7 ක් දැවී 196 
(එසඳ සිතුම් 60, රුනාද රාජපක්ෂ 53, අෂේන් මධුෂංක 20, කවීෂ තුෂාල් 59/2) 

ධර්මපාල විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 58 
(ලක්ෂාන් විමුක්ති 20, රුනාද රාජපක්ෂ 03/3, එසඳ සිතුම් 13/3) 

ධර්මපාල විදුහල් ‘බී’ පිල දෙවැනි ඉනිම - ඕවර 17 කදී සියලු දෙනා දැවී 43 
(එසඳ සිතුම් 15/3, ප්‍රමෝද් ලක්ෂාන් 02/2) 

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.