Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගම්පහ රත්නාවලියට දැවැන්ත ජයක්

ගම්පහ රත්නාවලියට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2014 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ සමස්ත ලංකා බාලිකා පාසල් කි‍්‍රකට් තරගවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගම්පහ රත්නාවලි, රත්ගම දේවපතිරාජ, ඔක්කම්පිටිය විජයබාහු සහ නුගේගොඩ අනුලා යන විදුහල් සමත් වූහ.

අර්ධ අවසන් පූර්ව වටයේදී ගම්පහ රත්නාවලි බාලිකා විදුහල විසින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට එරෙහිව ලකුණු 202 ක දැවැන්ත ජයක් වාර්තා කිරීම කැපි පෙනෙන සිදුවීමක් විය. රත්නාවලි බාලිකා විදුහලේ ප‍්‍රනීදි ප‍්‍රභාස්වර (නොදැවී 104) සහ මේධරා කල්පනී (නොදැවී 102) අර්ධ අවසන් පූර්ව වටයේදී ශතක ලබාගනිමින් මෙම දැවැන්ත ජයග‍්‍රහණයට මග පෑදූහ.

අවසන් පූර්ව වටයේ තරගවලදී රත්නාවලී බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල තරග වැදීමට නියමිත අතර රත්ගම දේවපතිරාජ විදුහල සහ ඔක්කම්පිටිය විජයබාහු විදුහල තරග වැදීමට නියමිතය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආතනයේ අනුග‍්‍රහයෙන් ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග

  • ගම්පහ රත්නාවලි බාලිකා විදුහලට ලකුණු 202 ක ජයක්

ගම්පහ රත්නාවලි බාලිකා විදුහල - ඕවර 25 කදී කඩුලූ 3 ක් දැවී 262
(ප‍්‍රනීදි ප‍්‍රභාස්වර නොදැවී 104, මේධරා කල්පනී නොදැවී 102, සුභානි රාජපක්ෂ 65/3)

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී 60
(මුදිතා කල්පනී 15/3, තිළිණි නිිවර්ථනා 14/2, සඳනි අනුත්තරා 17/2, කෞමදී සචිනිකා 6/2)

  • ඔක්කම්පිටිය විජයබාහු විදුහලට කඩුලූ 10 ක ජයක්

මීරිගම බණ්ඩාරනායක විදුහල - ඕවර 9.2 කදී සියලූ දෙනා දැවී 29
(හංසනී නිරුෂිකා 12/4, ඉෂංකා මධුෂානි 15/3)

ඔක්කම්පිටිය විජයබාහු විදුහල - ඕවර 3.5 කදී කිසිවකු නොදැවී 30
(සිතාරා මධුවන්ති නොදැවී 22)

  • රත්ගම දේවපතිරාජ විදුහලට ලකුණු 59 ක ජයක්

රත්ගම දේවපතිරාජ විදුහල - ඕවර 23 කදී කඩුලූ 6 ක් දැවී 151
(සත්‍යා සන්දීපනී 36, දිනුෂිකා මධුෂානි නොදැවී 31, පූජා රෂ්මි 29, කෞෂල්‍යා ජයවර්ධන 40/3)

එප්පාවල ශී‍්‍ර සිද්ධාර්ධ විදුහල - ඕවර 19 කදී සියලූ දෙනා දැවී 92
(චාම්නි චන්ද්‍රදාස 41, කවීෂා දිල්හාරි 26/6, නිලක්ෂනා සඳමිනි 16/2)

  • නුගේගොඩ අනුලා විදුහලට කඩුලූ 2 ක ජයක්

කොළඹ ගෝතමී බාලිකා විදුහල - ඕවර 22.3 කදී සියලූ දෙනා දැවී 121
(හර්ෂිකා දිසානායක 37, ශලනි දිසානායක 20, හශිනි පෙරේරා 26/3)

නුගේගොඩ අනුලා විදුහල - ඕවර 23.1 කදී කඩුලූ 8 ක් දැවී 122
(හරිනි හේවාවිතාරන 54, අමාෂා පෙරේරා 26, මලීෂා තත්සරනි 16, හර්ෂිතා දිසානායක 19/3, සචිනි මධූෂා 28/3)

-036

 


අදහස් (0)

ගම්පහ රත්නාවලියට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.