අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කදිරානදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක විදුහල සමත්විය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 162 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ජනාධිපති විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුනු 118 ක් පමණි.
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම වෙනුවෙන් සිසිරි අධිකාරි (53), අංජුල සේනානායක (62) සහ විනෝද් මධුරප්පෙරුම (52) අර්ධ ශකත ලබාගැනීමට සමත් වූහ.
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 254
(සිසිරි අධිකාරි 53, අංජුල සේනානායක 62, විනෝද් මධුරප්පෙරුම 52, දිල්හාර පොල්ගම්පොළ 30, සසිඳු ගමගේ 85/5)
ජනාධිපති විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 92
(හිරුණ සිගේරා 25, රත්සර විතාන 32/4, හිමත් ජයවීර 24/3, අංජුල සේනානායක 17/2)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 118
(සකුල ප‍්‍රනාන්දු නොදැවී 42, භාතිය හෙට්ටිආරච්චි 32/5, හිමත් ජයවීර 22/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.