Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක‍්‍රීඩා ඇදුම් කොන්ත‍්‍රාත්තුව සුළෙග් යයි

ක‍්‍රීඩා ඇදුම් කොන්ත‍්‍රාත්තුව සුළෙග් යයි

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා නීතිය උල්ලංඝණය කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන තනතුරක් දරන්නේ යැයි කියන නිලධාරියකු ලබන දෙසැම්බර් මස ආරම්භ වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම්වලට ඇදුම් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබා ගැනීමේ ගත් උත්සහය ආසාර්ථක වී ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සාමාන්‍යයෙන් මෙම තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩා සමාජවලට ඇදුම් ලබා නොදෙන අතර මෙවර අදාල නිලධාරියාට සම්බන්ධ යැයි කියන ක‍්‍රීඩා සමාජයක් තරගාවලියට සුදුසුකම් ලබා තිබීමත් සමග ක‍්‍රීඩා ඇදුම් ලබාදීමට පියවර ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

මෙම නිලධාරියාගේ සමීප ඥාතියකු මෙන්ම ක‍්‍රිකට් නිලවරණවලදී වැඩි වශයෙන් නම කියවෙන පුද්ගලයකු ද සමග ක‍්‍රියාත්මක ක‍්‍රීඩා භාණ්ඩ අළෙවි ආයතනය මෙම ඇදුම් සැපයීමට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් ඉදිරිපත් කර තිබූ මිලට වඩා අඩු මිලක් වෙනත් සැපයුම්කරුවකු ඉදිරිපත් වීමත් සමග උපාය වැරදි ඇති බව වාර්තා වේ.

ආදාල නිලධාරියා පසුව දැනුම්දී ඇත්තේ ඇදුම් ලබානොදී ඒ වෙනුවට ක‍්‍රීඩා සමාජවලට මුදල් ලබාදීම ප‍්‍රමාණවත් බවයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බලයට එන පැත්තට හේත්තු වී වසර ගණනාවක සිට තනතුර රැක ගැනීමට මෙම නිලධාරියා සමත්ව සිටින බව ද තතු දන්නෝ පවසති.

ශ‍්‍රී ලංකාවේ නමගිය ක‍්‍රිකට් භාණ්ඩ අළෙවි ආයතනයක හිමිකරු යැයි කියන මෙම නිලධාරියා මීට පෙර ක‍්‍රිකට් ආයතනයට සැපයුයේ යැයි කියන මිලියන ගණනක භාණ්ඩ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය කරුණු විමසා ඇතැයි ද වාර්තා වේ.

ක‍්‍රීඩා පනත අනුවත් ක‍්‍රීඩා භාණ්ඩ අළෙවි කරන පුද්ගලයන්ට ක‍්‍රීඩා සංගම්වල තනතුරු දැරිය නොහැකිය.

මෙම ක‍්‍රීඩා ඇදුම් පිළිබදව සිද්ධිය හේතුවෙන් විධායක සභාවේ ඇතැම් නිලධාරීන් ආදාල නිලධාරියාට දොස් නගා ඇති බව ද වාර්තා වේ.


අදහස් (0)

ක‍්‍රීඩා ඇදුම් කොන්ත‍්‍රාත්තුව සුළෙග් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.