මූල්‍ය අර්බුදයකට යාම වැළැක්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලූම ප‍්‍රධාන වියදම් නතර කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් අතරුැ කමිටුව තීරණය කර තිබේ. එසේ වුවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට අත්‍යාවශ්‍ය පහසුකම් වන ගෘහස්ථ පුහුණු ශාලාවක් සහ පිහිනුම් තටාකයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමටද ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව තීරණය කර තිබේ.
කොළඹ 7 මේට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (28) සවස පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
”අපේ අරමුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ පහසුකම් වැඩිදියුණු කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු තලයකට ගැනීම පමණයි. ගාල්ල, පල්ලේකැලේ, දඹුල්ල සහ හම්බන්තොටත් මෙවැනිම පුහුණු පහසුකම් ඇති කිරීම අත්‍යාවශ්‍ය වුණත් මේ වෙලාවේ අපි උත්සාහ කරන්නේ අඩු තරමේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීවත් ඒ පහසුකම් සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමටයි” යයි වෙත්තමුණි මහතා මෙම පුවත්පත් සාකච්ඡුාවේදී පැවැසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම නිසා අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු මුදල් නවතා තිබෙන බව මේ වන විටත් දැනුම් දී තිබේ. එහෙත් ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පෙරේදා (27) ප‍්‍රකාශ කළේ ක‍්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා ඩොලර් ලක්ෂ තුනක ණය මුදලක් දීමට අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව එකඟ වූ බවයි.
මේ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දේශීය තරග ව්‍යූහය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මේ දිනවල සැලසුම් සකස් කෙරෙමින් පවතී. හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන වැඩ කොටසක් කරන අතරම අදාළ සැලසුම් පිළිබඳ ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සාමාජිකත්වය අතර විශේෂ සාකච්ඡවක් තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.