ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට හා එහි නිලධාරීන්ට එරෙහිව ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (2) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හඳුන්නෙත්ති, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් ප‍්‍රමුඛ කණ්ඩායම කරුණු 25 ක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කළහ.
කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, හිටපු කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, කි‍්‍රකට් විධායක කමිටුව, ශි‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය, ශි‍්‍රලංකා කි‍්‍රකට් අතුරුපාලක මණ්ඩලය, මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් බවට පත්කොට තිබිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කොට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.
ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට වගකියන ප‍්‍රධාන ආයතනය වන ශි‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය හා එහි ප‍්‍රධාන ලේකම් නිශාන්ත රණතුංග, හිටපු කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ, කිිකට් විධායක කමිටුව, කි‍්‍රකට් අතුරුපාලක මණ්ඩලය, ප‍්‍රධාන වගඋත්තර කරුවන් වශයෙන් නම් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
කි‍්‍රකට් අයතනය හා එහි නිලධාරීන්ගේ කටයුතු පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වුණා. මේ කටයුතු නිසා ලෝක කුසලානය දිනන මට්ටමේ සිටින ශ්‍රීලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින්ගේ ගෞරවයටත් පෞරුෂයටත් විශාල හානි සිදුවුණා. ඒවා පිළිබඳ කි‍්‍රඩකයින්ට කතා කිරීමට බැරි තත්ත්වයත් තිබුණා.
ඉදිරියේ ලෝක කුසලාන තරගයට කී‍්‍රඩකයින්ට ඉදිරිපත් වෙන්න සිද්ධවෙලා තියෙන්නේ මේ චෝදනා එල්ල වී සිටින නිලධාරීන් යටතේයි.
අපි වගඋත්තරකරුවකු වශයෙන් නම්කොට සිටින නිශාන්ත රණතුංග මහතා කි‍්‍රකට් ආයතනයේ ලේකම් ධුරය දරන ගමන් එහි ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරෙත් වැඩ බලනවා. එම ධුරයේ කටයුතු කිරීමට හැකියාවක් නොමැතිව තිබියදී ඔහු ප‍්‍රධාන විධායක නිලධාරියා
වශයෙන් විදේශ සංචාරවල, හා විදේශ සමුළුවලට සහභාගි වී තිබෙනවා. ප‍්‍රධාන විධායක නිලධාරියකු සිටියදී ලේකම්වරයා තමයි ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ. එය බරපතල තත්ත්වයක්. මේ සඳහා පසුගිය රජයේ අනුග‍්‍රහය ලැබී තිබෙනවා. ඔහු නිලවරණයට ඉදිරිපත්ව තිබෙන්නෙත් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ. පසුගිය රාජය නිශාන්ත රණතුුංග මහතා නිලවරණයට ඉදිරිපත් නොවී එම ධුරයේ වාඩිකළේ සුදුසුකම් තියෙන නිලධාරීන් ඉන් ඉවත් කරලා. සූරියවැව කි‍්‍රකට් කී‍්‍රඩංගනය හදන්න ඇස්තමේන්තු කළ වියදමට වඩා අසීමිත මුදලක් වියදම් කර තිබෙනවා.
මේ සඳහා රජයේ හා වරාය අධිකාරියේ මුදල් පරිහරණය කර තිබෙනවා. රට දැනගන්න ඕනේ වරාය අධිකාරියෙන් පරිහරණය කළ මුදල් මොන බලතලයක් යටතේ පරිහරණය කළා ද කියලා. මොහු මිහින් ලංකා ආයතනයේ ප‍්‍රධාන නිලයක් දරමින් රජය සම්බන්ධ ගනුදෙනු කරමින් කි‍්‍රකට් ආයතනයේ ධුර දරමින් තිබෙන්නේ.
කි‍්‍රකට් ආයතනයේ ලේකම් ධුරය දරමින් පෞද්ගලික නාලිකාවකට කි‍්‍රකට් කි‍්‍රඩා විකාශන අයිතිය ලබා දී තිබෙනවා. ඒ පෞද්ගලික කි‍්‍රඩා ආයතනයේ විධායක තනතුර ද ඔහු දැරුවා.
මෙවැන් චෝදනා බොහොමයක් යටතේ අපි කරුණු 25 ක් ඉදිරිපත් කරනවා. සෙසු ඒවා ඉදිරියේ ඉදිරිපත් කරනවා.
මෙම කරුණුවලට නිශාන්ත රණතුංග මහතා, හිටපු කි‍්‍රඩා ඇමැතිවරයා, කි‍්‍රකට් විධායක කමිටුව, කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩලය, වගකිවයුතු වෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරයේ පැවැත්වෙන විමර්ශන සඳහා මීට වඩා තොරතුරු ගොනු කරන්න අප සූදානම් වෙනවා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු අපට ලබා දී මැදිහත් වෙන්න කියා කි‍්‍රකට් කී‍්‍රඩකයින් මෙතෙක් මෙම අසාධාරණය දැක නිහඬව සිටි කි‍්‍රකට් කි‍්‍රඩාවට ආදරය කරන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙය අපේ පෞද්ගලික කටයුත්තක් නොවේ. මේ නිලධාරීන් අද සිට හෙට නැතිවේවි. මේ රජයත් ඇමැතිවරුත් අද සිට හෙට නැතිවෙයි නමුත් කි‍්‍රකට් කිී‍්‍රඩාව හැමදාමත් තිබෙනවා. නව රජයේ කි‍්‍රඩා ඇමතිගෙන් ඉල්ලිමක් කළා මේ චෝදනා අල්ලස් කොමිසමට එන්න කලින් මේ චෝදනා සම්බන්ධයෙන් කරුණු කියන්න.
නමුත් කියන්න කනගාටුයි මේ දක්වා අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ නව රජයේ කී‍්‍රඩා ඇමතිවරයාට අපි කියන්නේ ලෝක කුසලාන
කි‍්‍රකට් කි‍්‍රඩාව පවත්වන්නේ මේ දූෂිත නිලධාරීන් මෙම පුටුවල තබාගෙන නම් අපට ජාත්‍යන්තර ජයග‍්‍රහණයක් ගැන හිතන්න බැහැ. වෙන්නේ කි‍්‍රඩකයින් පීඩාවට ලක්කිරීම පමණයි.
ලෝක කුසලානයට කළින් මෙම දූෂිත නිලධාරීන් තාවකාලිකව හෝ ඉවත් කරලා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි කී‍්‍රඩා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.
●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.