ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා කළ ඉල්ලීමට විධායක කමිටුවේ සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් විරෝධය දැක්වීම හේතුවෙන් ඒ සදහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් ගැනීමට තීරණය වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මහ සභාව සහ නිලවරණය මේ වසරේ මාර්තු මස 30 වැනිදාට පෙර පැවැත්විය යුතුය.
නුස්කි මොහොමඞ් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මාර්තු මාසය තුළදී ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වීම නිසා නිලවරණය අපේ‍්‍රල් මාසයෙන් පසුව පැවැත්විය යුතු බවයි.
මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ නිලධාරීන් ලෝක කුසලානයට ක‍්‍රීඩා නොකරන බවත් ඒ හේතුවෙන් නිලවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත්ය.
‘‘වත්මන් නිලධාරීන් මේ උත්සාහ කරන්නේ ලෝක කුසලාන සංචාරයත් ගිහිල්ලම නිලවරණයට යන්න. ඒ නිසායි නිලවරණය කල්දාන්න කියන්නේ’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මීලඟ නිලවරණයට පාර්ශව තුනක් සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු නම ගිය සභාපතිවරයකු ද මෙවර ඉදිරිපත්වීමේ සූදානමින් පසු වන බව තතු දන්නෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.