Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෞෂිනී - මධුෂිකා - තාරිකා කැඳවති
කාන්තා අසියානු කුසලාන

කෞෂිනී - මධුෂිකා - තාරිකා කැඳවති

editorial - 2022 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඔක්තෝබර් මස 1 වැනිදා සිට 16 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට කෞෂිනී නුත්‍යංගා, මධුෂිකා මෙත්තානන්ද සහ තාරිකා සෙව්වන්දි කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔවුන් තිදෙනා කණ්ඩායමට කැඳවීමත් සමග අවසන් වරට පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ විෂ්මි ගුණරත්න, අමා කාංචනා සහ උදේෂිකා ප්‍රබෝධනී යන ක්‍රීඩිකාවන්ට සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.

කඩුලු රකින ක්‍රීඩිකාවක වන නුත්‍යංගනා තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති අතර වමතින් ‍මඳ‍ වේග පන්දු යවන ක්‍රීඩිකාවක වන තාරිකා විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කදී සහ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කර ඇත.

තවමත් එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 28 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මධුෂිකා, යළිත් කණ්ඩායමට කැඳවා සිටින්නේ වසර තුනහමාරකට පමණ පසුවය. ඇය සිය පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ මාර්තු මාසරේදීය.

චමරි අතපත්තුගේ නායකත්වය දරන ශ්‍රී ලංකා සංචිතය ඉනෝකා රණවීර, හසිනි පෙරේරා, ඕෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී සහ  නිලක්ෂි ද සිල්වා වැනි පළපුරුදු ක්‍රීඩිකාවන් මෙන්ම හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, මල්ෂා ශෙහානි සහ රෂ්මි ද සිල්වා වැනි නවක ක්‍රීඩිකාවන්ගෙන්ද සමන්විත වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව, තායිලන්තය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය යන රටවල්  7 හි සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග බංග්ලාදේශයේ ශිලේට් නුවරදී පැවැත්වේ.

ඔක්තෝබර් මස 1 වැනිදා ඉන්දියාවට එරෙහිව සිය පළමු තරගයට සහභාගිවන ශ්‍රී ලංකාව, ඉන් පසුදින එනම් 2 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වැදීමට නියමිතය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව,  4 වැනිදා තායිලන්තයටද, 8 වැනිදා මැලේසියාවටද, 10 වැනිදා බංග්ලාදේශයටද, 11 වැනිදා පාකිස්තානයටද එරෙහිව තරග වදිනු ඇත.

 

ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායික), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රෂ්මි ද සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි


අදහස් (0)

කෞෂිනී - මධුෂිකා - තාරිකා කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.