අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ යටතේ බී.ආර්.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය දෙවැනි දිනටූ අද (5 වැනිදා) අවසන් කරනවිට පන්දුවට පහර දෙමින් සිටි එස්.එස්.සී පිල සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 127 කට කඩුලු 6 ක් අහිමිකරගෙන සිටියේය.
තවත් කඩුලු 4 ක් අතැති එස්.එස්.සී පිල මේ වනවිට බී.ආර්.සී. පිලට වඩා ලකුණු 149 ක් ඉදිරියෙන් පසුවන්නේය.
ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 57 ක් සහ සචිත්‍ර සේනානායක ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
පළමු දිනය වූ ඊයේ තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා ලකුණු 57 කට කඩුල්ලක් අහිමිකර ගෙන සිටි බී.ආර්.සී. කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 267 ක් රැස්කිරීමට අද සමත්විය.
එහිදී බී.ආර්.සී පිලේ නායක රුමේෂ් බුද්ධික ශතකයක් ලබාගනිමින් බී.ආර්.සී පිල ලකුණු 250 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. පන්දු 137 කට මුහුණදුන් රුමේෂ් බුද්ධික හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.
මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභින් අතර මේ වනවිට පෙරමුණේ පසුවන තරාඳු රත්නායක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 83 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.
තවත් තරග 4 ක් කටුනායක මේරියන්ස්, මුවර්ස්, මොරටුව ද සොයිසා සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී දෙවැනි දිනට අද පැවැත්විණි..
පිත්තෙන් දස්කම් දැක්වූ ද්‍රවිඩ සංගම් පිලේ සචිත්‍ර සේරසිංහ (නොදැවී 107) ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 6 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.
බී.ආර්.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. 289 සහ 127/6, බී.ආර්.සී. 267
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලුදෙනා දැවී ලකුණු 289
(කවිඳු කුලසේකර 42, සම්මු අශාන් 125, ආකාෂ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 32, දුවිඳු තිලකරත්න 65/5, නෙරංජන වන්නිආරච්චි 36/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 79 කදී සියලුදෙනා දැවී ලකුණු 267
(ලසිත් ලක්ෂාන් 25, භානුක රාජපක්ෂ 44, තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 105, දුවිඳු තිලකරත්න 24, තරිඳු රත්නායක 83/5, සචිත්‍ර සේනානායක 47/2, කසුන් මදුසංක 50/2)
එස්.එස්.සී. - දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 6 ක් දැවීලකුණු 127
(සඳුන් වීරක්කොඩි 21, කෞෂාල් සිල්වා නොදැවී 57, ක්‍රිෂාන් ආරච්චිගේ 33, දුවිඳු තිලකරත්න 21/3, ලසිත් ලක්ෂාන් 25/2)
සී.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. 238 සහ 186/2, සැරසන්ස් 169
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 62 කදී සියලුදෙනා දැවී ලකුණු 238
(රොන් චන්ද්‍රගුප්ත 30, මාධව වර්ණපුර 63, වනිඳු හසරංග 32, මනෙල්ක ද සිල්වා 22, විශ්ව ප්‍රනාන්දු නොදැවී 2, චාමිකර එදිරිසිංහ 87/9)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 169
(ප්‍රමෝද් මධුවන්ත 22, චාමිකර එදිරිසිංහ 53, සාලිය සමන් 27, රනිත ලියනාරච්චි නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 73/6, වනිඳු හසරංග 27/2, ළහිරු ගමගේ 34/2)
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 186
(රොන් චන්ද්‍රගුප්ත නොදැවී 75, මාධව වර්ණපුර 46, මිනෝද් භානුක 37)
හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය 233 සහ 112/6, හලාවත මේරියන්ස් 203
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලුදෙනා දැවී ලකුණු 233
(යොහාන් ද සිල්වා 64, ප්‍රිමෝෂ් පෙරේරා 51, රුවිඳු ගුණසේකර 24, ප්‍රශාන් වික්‍රමසිංහ 46, සාගර් උදේෂී 70/6, කරිමුත්තාතු රාකේෂ් 41/2)
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(ඕෂධ ප්‍රනාන්දු 50, හර්ෂ කුරේ 22, රිසිත් උපමාල් 54, පුලින තරංග 28, චමින්ද බණ්ඩාර 54/3, අනුක් ද අල්විස් 53/4, චානක කොමසාරූ 79/2)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 112
(අදීශ නානායක්කාර 64, ගයාන් මනීෂාන් 20, රොෂාන් ජයතිස්ස 16/2, නිමේෂ් විමුක්ති 51/2)
මූවර්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් 110 සහ 193/3, යුදහමුදාව 221
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(අදීෂ තිලංචන 35, දුශාන් විමුක්ති 35/5, දනුෂික බණ්ඩාර 16/2, නුවන් ලියනපතිරණ 30/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 80.1 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(අශාන් රන්දික 32, දුශාන් විමුක්ති 35, ලක්ෂිත මදුශාන් 20, දිල්ශාන් ද සොයිසා 32, යශෝධ මෙන්ඩිස් 26, දනුෂික බණ්ඩාර 25, කේෂාන් විජේරත්න 40/3, රමේෂ් මෙන්ඩිස් 25/2, තරිඳු කෞෂාල් 31/2, ශිරාන් ප්‍රනාන්දු 50/2)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 193
(පබසර වඩුගේ 52, ඉරෝෂ් සමරසූරිය නොදැවී 82, චාමර සිල්වා 52, දුශාන් විමුක්ති 64/2)
රාගම සහ ද්‍රවිඩ සංගමය කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
රාගම 433, ද්‍රවිඩ සංගමය 223/2
රාගම - පළමු ඉනිම - ඕවර 118.2 කදී සියලුදෙනා දැවී ලකුණු 433
(දිනෙත් තිමෝද්‍ය 49, ශෙහාන් ප්‍රනාන්දු 41, සංජය චතුරංග 36, සුපේෂල ජයතිලක 100, ජනිත් ලියනගේ 52, ඉෂාන් ජයරත්න 50, සහන් නානායක්කාර 35, දිනුක් වික්‍රමනායක 44/3, ජීවන් මෙන්ඩිස් 125/4)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 223
(ළහිරු මිලන්ත 21, තරංග පරණවිතාන නොදැවී 76, සචිත්‍ර සේරසිංහ නොදැවී 107, චතුර පිරීස් 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.