Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා ඉන්දීය සංචිතය නම්කර තිබේ. ඒ සඳහා නිත්‍ය නායක විරාට් කෝලීද එක්වෙයි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා පමණක් එක් වූ කෝලී පිතෘ නිවාඩු ලබාගනිමින් නැවත සිය රට බලා පිටත්ව ගියේය.
එංගලන්ත තරගාවලිය සඳහා නම් කළ 18 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා නැවත කැඳවා සිටිති. මැණික් කටුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තෙවැනි සහ සිව්වැනි ටෙස්ට් තරගවලින් ඉවත්වූ ලෝකේෂ් රාහුල්ද සංචිතයට එක්කර ගැනීමට තේරිම් කමිටුව පියවර ගෙන තිබේ.
පළමු වරට ඉන්දීය ටෙස්ට් සංචිතයට වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අක්සර් පතෙල් කැඳවා ඇති අතර අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා සංචිතයට එක්කර නොමැත. ඊට අමතරව ඕස්ට්‍රේලියානු සංචිතයට එක්ව සිට ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ හනුමා විහාරී, මොහොමඩ් සාමී සහ උමේෂ් යාදව් පළමු තරග දෙක සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව නැත. ප්‍රිත්වි ෂෝ එංගලන්ත තරගාවලියෙන් ඉවත්කර ඇති අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති සිව්වැනි තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත් තංගරාසු නටරාජන් විවේක ගන්වා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය පෙබරවාරී 5 වැනිදා චෙන්නායිහිදි ආරම්භ වීමට නියමිතව ඇත. දෙවැනි තරගය පෙබරවාරී 13 වැනිදා චෙන්නායිහිදි පැවැත්වෙන අතර තෙවැනි තරගය (දිවා-රාත්‍රි) පෙබරවාරී 24 වැනිදාත්, සිව්වැනි තරග මාර්තු 4 වැනිදාත් අහ්මදාබාද්හි මොටෙරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අහ්මදාබාද්හි මොටෙරා ක්‍රීඩාංගණය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සංවර්ධනය කර ඇති අතර 100,000 කට අධික ප්‍රේක්‍ෂකයන් පිරිසකට ආසන පැනවීමට මෙම ක්‍රීඩාංගණයේ පහසුකම් ඇත.
ටෙස්ට් තරගාවලියෙන් පසුව විස්සයි20 තරග 5 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතව ඇත. විස්සයි20 තරගාවලිය අහ්මදාබාද්හි පැවැත්වෙන අතර එක්දින තරගාවලිය පූනේහිදී පැවැත්වේ.
තරගාවලිය ප්‍රේක්‍ෂකයක් හට විවෘත කරනවාද නැතහොත් සියළු දොරටු වසා දමා ප්‍රේක්‍ෂකයක් නොමැතිව තරගාවලිය පවත්වනවාද යන්න තවමත් තීරණය කර නොමැති බව ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය පවසයි.
පළමු ටෙස්ට් තරග දෙක සඳහා ඉන්දීය සංචිතය:
විරාට් කෝලි (නායක), අජින්ක්‍ය රහනේ (උපනායක), රෝහිත් ෂර්මා, මයාන්ක් අගර්වාල්, ෂුබ්මන් ගිල්, චෙටේශ්වර් පුජාරා, ලෝකේෂ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, රිෂාබ් පාන්ට්, වර්ඩිමාන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, කුල්දීප් යාදව්, ඇක්සා පටෙල්, වොෂින්ටන් සුන්දර්, ඉෂාන්ත් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, ශර්දුල් ඨාකූර්.
හර්දික් පාණ්ඩ්‍යා...
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.