Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස් පිලට කඩුලූ 4 ක ජයක්

කෝල්ට්ස් පිලට කඩුලූ 4 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (07 වැනිදා) පැවති තරගයකදී ගුවන් හමුදා පිල පරදවා කඩුලූ 4 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ්  ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කෝල්ට්ස් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට ගුවන් හමුදා පිලට ආරාධනා කල අතර  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 208 ක් පමණි.

ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් පිල  ඕවර 49.3 කදී කඩුලූ 6ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. රොෂේන් සිල්වා (61) සහ ඩිල්රුවන් පෙරේරා (නොදැවී 56) අර්ධ ශතක රැස් කිරීමට සමත්විය.

ගුවන් හමුදාව  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 208
(සජිත් කැළුම්ප‍්‍රිය 50, සහන් ජයවර්ධන නොදැවී 36, අචිර එරංග 34, අකිල ධනංජය 43/4, ඩිල්රුවන් පෙරේරා 24/2)

කෝල්ට්ස්  ඕවර 49.3 කදී කඩුලූ 6ක් දැවී 214
(රොෂේන් සිල්වා 61, ඩිල්රුවන් පෙරේරා නොදැවී 56, ඉශාන් ජයරත්න නොදැවී 36, සහන් ජයවර්ධන 45/2, ලසඳ රුක්මාල් 48/2)


අදහස් (0)

කෝල්ට්ස් පිලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.