ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (05 වැනිදා) පැවති තරගයකදී පානදුර කණ්ඩායම පරදවා කඩුලූ 8 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. මෙම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කෝල්ට්ස් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට පානදුර කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 41.1 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 121 ක් පමණි.
ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් පිල ඕවර 27 කදී කඩුලූ 2ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. පන්දු 89 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැස් කිරීමට ශෙහාන් ප‍්‍රනාන්දු සමත්විය.
පානදුර කී‍්‍රඩා සමාජය ඕවර 41.1 කදී සියලූ දෙනා දැවී 121
(චරිත බුද්ධික නොදැවී 38, ඩිල්රුවන් පෙරේරා 05/2, සනිත ද මෙල් 12/2, කනිෂ්ක ඇල්විටිගල 17/2, ඉෂාන් ජයරත්න 28/2)
කෝල්ට්ස් ඕවර 27 කදී කඩුලූ 2ක් දැවී 124
(ශෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 73, මිලින්ද සිරිවර්ධන නොදැවී 30, මොහොමඞ් ඩිල්ශාඞ් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.