Last Update  :  2025-12-12 12:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස් - ද්‍රවිඩ සංගම් පෙරමුණ ගනී

කෝල්ට්ස් - ද්‍රවිඩ සංගම් පෙරමුණ ගනී

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය නිමාවන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලකුණු 18.5 ක් ලබා සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට ලකුණු 11.785 ක් ලබා සිටින ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි.
 
පළමු සතියේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 31 ක පහසු ජයක් වාර්තා කරමින් කෝල්ට්ස් ක්‍රීඩකයන් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත් අතර ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයන් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ බදුරලිය කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි. 

පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කළ පොලිස් කණ්ඩායම ලකුණු 17.065 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඒස් කැපිටල් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමිනි. 

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සමත්ව සිටින අතර ඔහු එක් ඉනිමක් ක්‍රීඩා කරමින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 152 කි. නුගේගොඩ කණ්ඩායමේ පුලිඳු පෙරේරා ඉනිම් දෙකකදී ලකුණු 143 ක්ද, ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් ඉනිම් දෙකකදී ලකුණු 126 ක්ද රැස්කරමින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර ඉනිම් දෙකකදී කඩුලු 11 ක් බිඳහෙළමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ඉනිම් දෙකකදී කඩුලු 8 ක්ද, සී.සී.සී. කණ්ඩායමේ නිෂාන් පීරිස් ඉනිම් 2 කදී කඩුලු 7 ක්ද දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. 

තරගාවලියේ දෙවැනි සතිය අද (12 වැනිදා) වන අතර එහිදී සී.සී.සී. පිලට එරෙහව බ්ලූම්ෆීල්ඩ් පිලත්, කෝල්ට්ස් පිලට එරෙහිව පොලිස් පිලත්, හලාවත මේරියන්ස් පිලට එරෙහිව නුගේගොඩ පිලත්, ඒස් කැපිටල්ස් පිලට එරෙහිව එන්.සී.සී. පිලත්, මුවර්ස් පිලට එරෙහිව ද්‍රවිඩ සංගම් පිලත්, බී.ආර්.සී. පිලට එරෙහිව කුරුණෑගල යොවුන් පිලත් තරග වදිනු ඇත. 


අදහස් (0)

කෝල්ට්ස් - ද්‍රවිඩ සංගම් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.