Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝට්ටේ සටනේ වැඩි ගෞරව තෝමසුවන්ට

කෝට්ටේ සටනේ වැඩි ගෞරව තෝමසුවන්ට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ආර්. පේ‍්‍රමදාස පිටියේ පැවති ‘37 වැනි කෝට්ටේ සටන’ මහ කි‍්‍රකට් තරගය ශාන්ත තෝමසුවන්ට වැඩි ගෞරව ගෙනදෙමින් ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

මෙම තරගයේදී ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ ඩැරන් ඊබට් හා බ්‍රෙන්ඩන් ඊබට් යන නිවුන් සොහොයුරන්ගේ තුන් ඉරියව්වේ දස්කම් කැපී පෙණුනි.

දෙවිදුහල අතර එක්දින තරගය ලබන සෙනසුරාදා (15) පිටකෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මහ තරගයේ වීරයා සහ හොඳම පන්දු යවන්නා ලෙස ශාන්ත තෝමස් විදුහලේ බ්‍රෙන්ඩන් ඊබට් සම්මාන දිනාගත්තේය. දක්‍ෂතම පිතිකරුවා ලෙස ජයවර්ධනපුර මහ විදුහලේ බුද්ධික පෙරේරාද දක්‍ෂතම පන්දු රකින්නා ලෙස එම විදුහලේම කි‍්‍රෂාන් ලක්ෂිතද සම්මාන දිනා ගත්හ.


ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සියලූදෙනා දැවී 101 සහ කඩුලූ 4ට 63
(බුද්ධික පෙරේරා 20, දිනුක් දේවින්ද 22, නවීන් මධුශංක නොදැවී 17, බ්‍රෙන්ඩන් ඊබට් 15/2)

ශාන්ත තෝමස් විදුහල කඩුලූ 9 ට 192
(බ්‍රෙන්ඩන් ඊබට් 50, ඩැරන් ඊබට් 29, ජුඞ් කරුණාරත්න 28, දසුන් සිල්වා 22, රුවින් දෙහිගස්පිටිය 42/3, නවීන් මධුශංක 28/3)

 


අදහස් (0)

කෝට්ටේ සටනේ වැඩි ගෞරව තෝමසුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.