Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ පිලට ඉනිමක ජයක්
ජාතික සුපිරි ලීගය

කොළඹ පිලට ඉනිමක ජයක්

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් ඉනිමක සහ ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. 

ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 301 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණුදුන් මහනුවර කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 280 ක් පමණි. එහිදී නායක නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 12 ක් සමග ලකුණු 104 ක් රැස්කළේය. 

ආරම්භක පිතිකරු සහන් කෝසල හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක් රැස්කළ අතර නිසල තාරක, දසුන් ශානක සහ ඉසිත විජේසුන්දර කඩුලු 3 බැගින් බිඳහෙළමින් මහනුවර දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.

කොළඹ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 500 ට පිළිතුරු වශයෙන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 199 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර නිසල තාරක සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවාගත්හ. 


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 500 
(නිපුන් ධනංජය 31,  ප්‍රියමාල් පෙරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක 107, තරිඳු රත්නායක 83, සිතුම් දිසානායක 95/3, වනුජ සහන් 104/3, නිම්සර අතරගල්ල 85/2) 

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 199
(අහන් වික්‍රමසිංහ 78, වනුජ සහන් 38, චාමික කරුණාරත්න 25, නුවනිඳු ප්‍රනාන්දු 58/4, නිසල තාරක 18/2, දුනිත් වෙල්ලාලගේ 30/2) 

මහනුවර දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 280
(සහන් කෝසල 53, නිරෝෂන් දික්වැල්ල 104, සහන් ආරච්චිගේ 27, චාමික කරුණාරත්න 22, නිසල තාරක 21/3, දසුන් ශානක 27/3, ඉසිත විජේසුන්දර 57/3) 


අදහස් (0)

කොළඹ පිලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.