Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ කණ්ඩායමට ඉනිමක ජයක්

කොළඹ කණ්ඩායමට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් වයස 23 න් පහළ තෙදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර සී..සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 61 කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම අද (19) සමත්විය.

කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා කොළඹ කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 379 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. අකීල් ඉල්හාම් (83), රිසිත් උපමාල් (68), හිමාෂ ලියනගේ (61) සහ මාලිංග අමරසිංහ (51) අර්ධ ශතක ලබාගනිමින් කොළඹ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

කොළඹ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි. තවත් ලකුණු 221 ක් පිටුපසින් සිට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට සියලුදෙනා දැවී දෙවැනි ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

කෞමාල් නානායක්කාර පළමු ඉනිමේදී කඩුලු 4 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් සමගින් තරගය පරා කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වමින් දැක්වීය.


කොළඹ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 98.5 කදී සියලුදෙනා දැවී ලකුණු 379
(අකීල් ඉල්හාම් 83, රිසිත් උපමාල් 68, හිමාෂ ලියනගේ 61, මාලිංග අමරසිංහ 51, අයන සිරිවර්ධන 24, විශ්න චතුරංග 22, රංදීර රණසිංහ 42/4, අරවින්ද අකුරේගොඩ 74/2)

දඹුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 158
(ගීත් පෙරේරා 31, දමිත සිල්වා 23, ප්‍රවින් දිලංක 23, අසිත ගයාන් 22, කෞමාල් නානායක්කාර 37/4, සවිඳු පිරීස් 36/3, ශෙහාන් සඳරුවන් 30/2)

දඹුල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 78.4 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(කේෂාන් වන්නිආරච්චී 45, ගීත් පෙරේරා 33, කෞමාල් නානායක්කාර 51/6, ලක්ෂාන් ප්‍රනාන්දු 37/3)

 


අදහස් (0)

කොළඹ කණ්ඩායමට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.