Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ ඉනිම ලකුණු 145 කට සීමා වෙයි
ජාතික සුපිරි ලීගය

කොළඹ ඉනිම ලකුණු 145 කට සීමා වෙයි

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ සිවුදින තරගයේදී කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 145 කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නෝ සමත් වූහ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදිත් මධුෂාන් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගත් අතර ධනංජය ලක්ෂාන් සහ නිෂාන් පීරිස් කඩුලු 2 බැගින් බිඳහෙළමින් කොළඹ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා උදිත්ට අනගි සහායක් ලබාදුන්හ. ඉතිරි කඩුලු දෙක මිලාන් රත්නායක සහ නිමේෂ් විමුක්ති හමුවේ බෙදී ගියේය. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නිපුන් ධනංජය හතරේ පහර 7 ක් සමග ලකුණු 63 ක් රැස්කළේය. අෂේන් බණ්ඩාර හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, දුනිත් වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද රැස්කළහ. 

පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය. ඒ වන විට විෂාද් රන්දික හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 36 ක්ද, ධනංජය ලක්ෂාන් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 9 ක්ද ලබා සිටියහ. 


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 145 
(නිපුන් ධනංජය 63, අෂේන් බණ්ඩාර 23, දුනිත් වෙල්ලාලගේ 20, උදිත් මධුෂාන් 45/4, ධනංජය ලක්ෂාන් 20/2, නිෂාන් පීරිස් 36/2) 

ගාල්ල පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 87 
(ලක්ෂාන් එදිරිසිංහ 21, විෂාද් රන්දික නොදැවී 36, නිසල තාරක 22/2) 


අදහස් (0)

කොළඹ ඉනිම ලකුණු 145 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.