Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිලට කඩුලු 9 ක පහසු ජයක්

කොල්කටා පිලට කඩුලු 9 ක පහසු ජයක්

editorial - 2021 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ කැපී පෙනුණ දක්ෂතා හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 31 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර අද (20 වැනිදා) අබු ඩාබිහිදී පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට කොල්කටා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 93 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම, ඕවර 10 ක් අවසානයේ කඩුල්ලක් දැවී ඉතා පහසුවෙන් එම ඉලක්කය පසුකර ගියේය. එහිදී ආරම්භක කඩුල්ල වෙන්වෙන් පන්දු 55 කදී ලකුණු 82 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ශුබ්මන් ගිල් (48) සහ වෙන්කටේෂ් අයියර් (නොදැවී 41) සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

පන්දු 34 කට මුහුණදුන් ශුබ්මන් ගිල් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් සිරාජ් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේ කොල්කටා ඉනිමේදී බිඳ වැටුණ එකම කඩුල්ල බවට පත්වෙමිනි. පන්දු 27 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ලකුණු 92 කට සීමා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු දෙව්දූත් පඩික්කල් පන්දු 20 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔන්ඩ්‍රි රසල් ලකුණු 9 කට කඩුලු 3 ක්ද, වරුන් චක්‍රවර්ති ලකුණු 13 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් බැංගලෝර් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ලොකී ෆර්ගියුසන් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය.  

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට නායක විරාට් කෝලි (05) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ප්‍රසිද් ක්‍රිෂ්ණා සමත් විය‍‍. ප්‍රවේගකාරී පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස්‍ මෙන්ම සිය මංගල අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ වනිඳු හසරංගද ඔවුන් මුහුණදුන් පළමු පන්දු වලදීම දැවී යෑමද බැංගලෝර් කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 19 කදී සියලු දෙනා දැවී 92

(දෙව්දූත් පඩික්කල් 22, ශ්‍රීකාර් භාරත් 16, හර්ෂාල් පටේල් 12, ඔන්ඩ්‍රි රසල් 09/3, වරුන් චක්‍රවර්ති 13/3, ලොකී ෆර්ගියුසන් 24/2)

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 94 

(ශුබ්මන් ගිල් 48, වෙන්කටේෂ් අයියර් නොදැවී 41)

-036

 


අදහස් (0)

කොල්කටා පිලට කඩුලු 9 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.