Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිල අවසන් තරගයට

කොල්කටා පිල අවසන් තරගයට

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්විය. ඒ අනුව අවසන් මහා තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව කොල්කටා නයිට් රයිඩර්ස් පිල තරග වඳිනු ඇත.

සාජාහිදී අද (13 වැනිදා) පැවැති අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි කඩයිම් තරගයේදී දිල්ලි කැපිටල් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

වෙන්කටේෂ් අයියර් සහ ශුබ්මන් ගිල් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 74 කදී ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට පහසු ජයග්‍රහණයක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්වූහ.

වෙන්කටේෂ් අයියර් පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත් අතර ශුබ්මන් ගිල් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 46 ක් ලබාගැනීමට සමත්විය.

අවසන් ඕවර 4 තුලදී කොල්කටා පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් අවශ්‍ය වුවද පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අවසන් ඕවරයේ පස්වන පන්දුව දක්වාම තරගය ඇදගෙන යාමට පිතිකරුවන්ට සිදුවිය. අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී රාහුල් ත්‍රිපාටි එල්ල කළ හයේ පහරත් සමගින් කොල්කටා පිලේ ජයග්‍රහණය තහවුරු විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ කගිසෝ රබාඩා සහ ඇන්රිච් නෝයේ කඩුලු 2 ක බැගින් දවාගත්තද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ පන්දුයවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දිල්ලි කැපිටල් පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව අහිමිවිය.

ආරම්භක පිතිකරු ශ්‍රීකර් ධවාන් පන්දු 39 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් දිල්ලි පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. ශ්‍රීයාස් අයියර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් ලබාගත් නමුත් කොල්කටා පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට තරම් ඉලක්කයක් ලබාදීමට එය ප්‍රමාණවත් නොවීය.

වරුන් චක්‍රවර්ති ලකුණු 26 කට කඩුලු 2 ක් ද ලොකී ෆර්ගසන් සහ ශිවම් මාවී කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දිල්ලි කැපිටල් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 135
(ශ්‍රීකර් ධවාන් 36, ශ්‍රීයාස් අයියර් නොදැවී 30, වරුන් චක්‍රවර්ති 26/2)

කොල්කටා නයිට් රයිඩර්ස්  - ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී 136
(ශුබ්මන් ගිල් 46, වෙන්කටේෂ් අයියර් 55, ඇන්රිච් නෝයේ 31/2)

 

 

 

 

-2079


අදහස් (0)

කොල්කටා පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.