ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස කටාක්හිදී අද (11) පැවැති දිනයේ පළමු තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 9 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.
මෙම තරගයට පෙර ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා පස්වැනි ස්ථානයේ පසු වූ කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු 8 ක් සමගින් මේ වන විට සිවුවැනි ස්ථානයට පැමිණ සිටියි. කොල්කටා පිල ලකුණු 150 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18 කදී එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ගෞතම් ගාම්බීර් පන්දු 45 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස් කළේය. ගෞතම් ගාම්බීර් (නොදැවී 63) සහ මනීෂ් පාන්ඬේ (නොදැවී 36) දෙවැනි කඩුල්ලට ලකුණු 82 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.
ආරම්භක පිතිකරු රොබින් උත්තප්පා පන්දු 28 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 46 ක් ලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිලේ විරේන්ද්‍ර සෙවැග් වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 50 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 72 ක් රැස් කිරීමට සමත් විය.
ප‍්‍රවේගකාරි පිතිකරුවන් වන ග්ලේන් මැක්ස්වෙල් සහ ඬේවිඞ් මිලර් විශාල ඉනිම ගොඩනැගීමට අසමත්වීම තුළ පංජාබ් පිලට ලකුණු 149 කට සීමා වීමට සිදුවිය.
පියුෂ් චවුලා දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් විරේන්ද්‍ර සෙවැග් සහ ග්ලේන් මැක්ස්වෙල් ඇතුළුව ලකුණු 19 කට කඩුලූ තුනක් දවා ගනිමින් කොල්කටා පිලට ළගාවිය හැකි ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් විය.
කොල්කටා පිලේ නායක ගෞතම් ගාම්බීර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 149 (විරේන්ද්‍ර සෙවැග් 72, ග්ලේන් මැක්ස්වෙල් 14, ඬේවිඞ් මිල්ර් 13, ජෝජ් බේලි නොදැවී 12, මිචෙල් ජොන්සන් 14, මොනි මොර්කල් 20/2, පියුෂ් චවුලා 19/3)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 18 කදී කඩුලූ 1 ට 150 (රොබින් උත්තප්පා 46, ගෞතම් ගාම්බීර් නොදැවී 63, මනීස් පාන්ඬේ නොදැවී 36)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.