Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලට ලකුණු 7 ක ජයක්

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලට ලකුණු 7 ක ජයක්

ශනුක අරවින්ද - 2014 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී එල්. බී. ෆිනෑන්ස් පිල පරාදවා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹාගිය කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල, වර්ෂාව නිසා තරගය නතර කරන විට  ඕවර 37 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියේය.

එහිදී නොදැවී ලකුණු 97 ක් රැස්කළ මනෝජ් සරත්චන්ද්‍ර තම කණ්ඩායම ජයග‍්‍රහණයේ මාවතට යොමු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එල්. බී. ෆිනෑන්ස් පිල  ඕවර 49.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 284 ක් ලබාගත් අතර චතුරංග කුමාර ලකුණු 77 ක් රැුස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එල්. බී. ෆිනෑන්ස් පිල - ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 284
(චතුරංග කුමාර 77, සදීර සමරවික‍්‍රම 45, ෆබියන් ප‍්‍රනාන්දු 40, දුමින්ද චන්දිමාල් 43/3, ඉමේෂ් උදයංග 58/2, සුරංග සාලින්ද 55/2)

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල - ඕවර 37 කදී කඩුලූ 5 ක් දැවී 208
(මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 97, තාරුක සොයිසා 28/3)

-036

 


අදහස් (0)

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලට ලකුණු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.