Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 30 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ.
පළමු ඉනිමේදී ලකුණු 75 කට කඩුලු 7 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 46 කට කඩුලු 3 ක්ද සමග ඉනිම් දෙකේදීම කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක රඛීම් කොන්වෝල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
කොදෙව් දෙවැනි ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 8 ක් ලබා සිටියදී අමීර් හම්සාගේ පන්දුවක් හමුවේ අෆ්සර් සසායි අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ජෝන් කැම්බල් නොදැවී ලකුණු 19 ක්ද, ශායි හෝප් නොදැවී ලකුණු 6 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
දෙවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් ලබා ලකුණු 109 ක් ලබා සිටි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක් කරගත හැකි වූයේ තවත් ලකුණු 11 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක ජේසන් හෝල්ඩර් ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ඇෆ්ඝනිස්තාන ඉනිම නිමා කළේය.
ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 187
(ඊබ්‍රහීම් සද්රාන් 17, ජාවිඞ් අහමඞ් 39, ඉසනුල්ලා ජානට් 24, අෆ්සර් සසායි 32, අමීර් හම්සා 34, යමීන් අහමඞ්සායි 18, රඛීම් කෝන්වෝල් 75/7, ජේසන් හෝල්ඩර් 22/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 277
(ජෝන් කැම්බල් 55, ශාමර් බෘක්ස් 111, ෂේන් ඩොව්රිච් 42, අමීර් අම්සා 74/5, රෂීඞ් ඛාන් 114/3, සාහිර් ඛාන් 53/2)
ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 120
(ඊබ්‍රහීම් සද්රාන් 23, ජාවිඞ් අහමඞ් 62, නසිර් ජමාල් 15, රොස්ටන් චේස් 10/3, ජේසන් හෝල්ඩර් 20/3, රඛීම් කෝන්වෝල් 46/3)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 33
(ජෝන් කැම්බල් නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.