Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පළමු ඉනිම 123 කට සීමා වෙයි

කොදෙව් පළමු ඉනිම 123 කට සීමා වෙයි

ශනුක අරවින්ද - 2017 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (7 වැනිදා) කොදෙව් පළමු ඉනිම ලකුණු 123 කට සීමා කිරීමට බෙන් ස්ටොක්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී කොදෙව් පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට මත්තෙන් පිටියෙන් ඉවත් කිරීම තරම් එංගලන්ත පන්දු යවන්නෝ ආක්‍රමණශීලී වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝලඩර් ගත් තීරණය අභියෝගයකට ලක් කළ ජේම්ස් ඇන්ඩසන්, මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් දෙදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ බෙන් ස්ටොක්ස් ලකුණු 22 කට කඩුලු 6 ක් දවාගත්තේ කොදෙව් ඉනිම සුනුවිසුණු කර දමමිනි. ඔහුට අනගි සහායක් දුන් රෝලන්ඞ් ජෝන්ස් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේ දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක ලබාගත් ශායි හෝප්ගේ කඩුල්ලද සමගිනි.

මෙම තරගයේදී කඩුලු 6 ක් දවාගැනීමත් සමග බෙන් ස්ටොක්ස්, ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ලකුණු 100 කට වැඩියෙන් රැස්කළ සහ කඩුලු 5 කට වැඩියෙන් දවාගත් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතලොස්සටද එක් විය.

ඔහුට පෙර එවන් දස්කමක් දක්වා තිබූ එංගලන්ත ක්‍රීඩකයන් වූයේ ගැබී ඇලන්, රේ ඉලින්වර්ත්, ඉයන් බොතම්, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ ස්ටුවට් බ්‍රෝඞ්ය. ඉන්දියාවේ විනෝ මන්කඞ් සහ ඕස්ටේ්‍රලියාවේ කීත් මිලර්ද මින් පෙර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ලකුණු 100 කට වැඩියෙන් රැස්කරමින්, කඩුලු 5 කට වැඩියෙන් දවාගෙන තිබිණ.

පළමු දිනය සඳහා අද තරගය තතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 46 ක් ලබා සිටි අතර ඒ වන විට ඬේවිඞ් මැලන් ලකුණු 13 ක්ද, බෙන් ස්ටොක්ස් ලකුණු 13 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් වන එංගලන්ත කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී බිඳවැටුණු කඩුලු 4, කේමර් රෝච් සහ ජේසන් හෝල්ඩර් අතරේ සමව බෙදී ගියේය.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 123
(කිරන් පවෙල් 39, ශායි හෝප් 29, රොස්ටන් චේස් 18, බෙන් ස්ටොක්ස් 22/6, ජේම්ස් ඇන්ඩසන් 31/2, රෝලන්ඞ් ජෝන්ස් 32/2)

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 46
(ඬේවිඞ් මෙලන් නොදැවී 13, බෙන් ස්ටොක්ස් නොදැවී 13)

-036

 


අදහස් (0)

කොදෙව් පළමු ඉනිම 123 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.