Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතන නම්කර ඇත. ඒ අනුව මෙතෙක් ටෙස්ට් වරම් හිමිකර නොගත් වමත් ආරම්භක පිතිකරුවකු වන ජෙරමි සොලෝසානෝ කණ්ඩායමට ඇතුළත් කිරීමට කොදෙව් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව 2019 වසරේදී සාර්ථක ලෙස ක‍්‍රීඩා කළ ජෙරමි සොලෝසානෝ වේග පන්දු යවන්නන්ට සහ දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඉතා පහසුවෙන් පන්දුවට පහරදුන් අතර, ඔහුගේ ඉවසීම සහ සන්සුන් භාවය එහිදී පිළිබඳ මනාව පිළිබිඹු කළේය. ඒ නිසා මේ අවස්ථාවේදී ඔහුට අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව තීරණය කළ බව බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප‍්‍රධානී රොජර් හාපර් මහතා පැවසීය.
”සංචිතය හොඳින් සමතුලිතයි, සියලූම අංශ වලින් අපි ශක්තිමත් වෙලා තියෙනවා. කණ්ඩායමේ සුළු වෙනස්කම් කිහිපයක් කළා. අපේ අවසන් බංග්ලාදේශ සංචාරයේ දී අපට සාර්ථකත්වය ගෙන දුන් සංචිතයට මේක බෙහෙවින් සමානයි”
”ශ‍්‍රී ලංකාවේ තත්ත්වයන් පිළිබඳව හුරුපුරුදු ක‍්‍රීඩකයන් ගණනාවක් සිටින අතර අනෙක් බොහෝ දෙනා ඉන්දීය උප මහද්වීපයේ හොඳ පළපුරුද්දක් ඇති ක‍්‍රීඩකයින් පිරිසක්. එබැවින් ඔවුන් දන්නවා කුමක්ද කරන්න ඕන කියලා” යැයි හාපර් මහතා වැඩි දුරටත් පැවසීය.
නොවැම්බර් 21 සිට 25 දක්වා පළමු ටෙස්ට් තරගයත්, නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 දක්වා දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. නොවැම්බර් 14 සිට 17 දක්වා කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී සිව්දින පුහුණු තරගයක් පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ක්‍රෙග් බ‍්‍රැත්වේට් (නායක), ජර්මේයින් බ්ලැක්වුඞ් (උපනායක), කෘමාහ් බෝනර්, රොස්ටන් චේස්, රඛීම් කෝන්වෝල්, ජොශුවා ද සිල්වා, ශැනන් ගේබි‍්‍රයල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමී පෙරුමාල්, කෙමාර් රෝච්, ජේඞ්න් සීලර්, ජෙරමි සොලොසානෝ, ජොමෙල් වොරිකන්.
තරග කාලසටහන
නොවැම්බර් 14 සිට 17 - පුහුණු තරගය, එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී
නොවැම්බර් 21 සිට 25 - පළමු ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 - දෙවැනි ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.