Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 5 කින් ජය ලබති

කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 5 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග හතරකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති පළමු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 5 ක ජයක් ලැබීමට සමත් වූහ.

කොදෙව් පිතිකාරියෝ ලකුණු 150 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 40.1 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

කොදෙව් පිලේ පළමු කඩුලූ හතර ලකුණු 41 කට බි`ද වැටීමෙන් පසුව ඩිනේන්ද්‍රා ඩොටි (නොදැවී 84) සහ නායිකා මිරීසා අගුලෙයිරා (30) පස්වැනි කඩුල්ලට ලකුණු 70 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට පසුබිම සකස් කළහ.

ඩිනේන්ද්‍රා ඩොටි පන්දු 113 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් තරගය ජයග‍්‍රහණය දක්වා රැුගෙන ඒමට සමත් වූවාය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරියන් වූ ප‍්‍රසාදිනී විරක්කොඩි (42) සහ ලසන්ති මධුෂානි (23) ලකුණු 79 ක සම්බන්ධතාවක් පැවැත්වූව ද සෙසු ප‍්‍රබල පිතිකාරියන් ආසාර්ථක වීමෙන් ලකුණු 149 කට සීමා විය.

ශ්‍රී ලංකා පිතිකාරියන් සිවුදෙනකුම දුවද්දී දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ කරමින් දෙවැනි තරගය අනිද්දා (15) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල
ප‍්‍රසාදිනී වීරක්කොඩි - ඇ. සහ ප. මොහොමඞ්     42
ලසන්ති මධුෂානී - දුවද්දී දැවී ගියා     23
ඩිලානි මනෝදර - දුවද්දී දැවී ගියා     3
යශෝධා මෙන්ඩිස් - ක. මූ. කළා ප. මොහොමඞ්     2
ශෂිකලා සිරිවර්ධන - ඇ. මොහොමඞ් ප. මැතිව්ස්    17
චතුරානි ගුණවර්ධන - ඇ. කිං ප. මැතිව්ස්     3
ඒෂානි ලොකුසූරිය - ඇ. ස්මාර්ට් ප. මැතිව්ස්     0
ශ්‍රීපාලි වීරක්කොඩි - නොදැවී     24
මධුරි සමුදිකා - ඇ. කීසියා ප. කිං    11
ඉනෝකා රණවිර - දුවද්දී දැවී ගියා     6
සුගන්දිකා කුමාරි - දුවද්දී දැවී ගියා     1
අතිරේක    17
එකතුව  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී     149

කඩුලූ වැටීම:
1-79(ප‍්‍රසාදිනී), 2-79(මධුෂානි), 3-82(මෙන්ඩිස්), 4-88(මනෝදර), 5-99(ගුණවර්ධන), 6-103(ලොකුසූරිය), 7-109(සිරිවර්ධන), 8-133(සමුදිකා), 9-146(රණවීර), 10-149(කුමාරි)

පන්දු යැවීම:
ට‍්‍රමයිනි ස්මාර්ට්: 10-1-27-0, ශමිලියා කොන්නෙල්: 3-0-18-0, ස්ටෙෆෙනි ටේලර්: 6-0-24-0, කීසියා නයිට්: 6.5-0-26-1, ඇෆ්යි ෆ්ලෙචර්: 7-1-16-0, අනීෂා මොහොමඞ්: 10-2-15-2, හේලි මැතිව්ස්: 7-0-19-0

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල

කීසියා නයිට් - ඇ. සමුදිකා ප. ලොකුසූරිය    6
හේලි මැතිව්ස් - ඇ. සහ ප. ශ්‍රීපාලි    0
ස්ටෙෆෙනි ටේලර් - ක. මූ. කළා ප. ලොකුසූරිය    1
ශිමෙනි කැම්බල් - ක. මූ. කළා ප. සමුදිකා     8
ඩිනේන්ද්‍රා ඩොටි - නොදැවී     84
මිරීසා අගුලෙයිරා - ස්ටම්ප් ප‍්‍රසාදිනී ප. රණවීර     30
ස්ටැසි ඈන් කිං - නොදැවී     18
අතිරේක    6
එකතුව  ඕවර 40.1 කදී කඩුලූ 5 ක් දැවී     153

පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ඇෆ්යි ෆ්ලෙචර්, අනීෂා මොහොමඞ්, ට‍්‍රමයිනි ස්මාර්ට්, ශමිලියා කොන්නෙල්

කඩුලූ වැටීම:
1-7(හේලි මැතිව්ස්), 2-9(කීසියා), 3-10(ටේලර්), 4-41(කැම්බල්), 5-111 (අගුලෙයිරා)

පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 4-0-26-1, ඒෂානි ලොකුසූරිය: 3-1-4-2, සුගන්දිකා කුමාරි: 10-0-30-0, මධුරි සමුදිකා: 5-1-18-1, ඉනෝකා රණවීර: 10-1-24-1, ශෂිකලා සිරිවර්ධන: 7.1-0-43-0, චතුරානි ගුණවර්ධන: 1-0-6-0

 


අදහස් (0)

කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 5 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.