Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී පන්නිපිටිය ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කේරී විද්‍යාලය සමත්විය. මෙම තරගය දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ කේරී විද්‍යාලයේ විරංග යෙශාන් ලකුණු 57 කට කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 80.1 කදී සියලුදෙනා දැවී ලකුණු 226
(විමුක්ති ප්‍රභාශන නොදැවී 86, දක්ෂිත හරිස්චන්ද්‍ර 36, කවිඳු නිර්මාල් 25, දිලීප පෙරේරා 45/2, විරංග යෙශාන් 35/2)
කේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 231
(නයන බණ්ඩාර 69, ඩොවින් විතානගේ 34, විරංග යෙශාන් 30, නවිඳු නිර්මාල් 3744, ලක්ශිත දිල්ශාන් 77/3)
ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(දක්ෂිත හරිස්චන්ද්‍ර 23, ශමිල්ක දුල්ශාන් 22, විරංග යෙශාන් 22/7)
කේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 93
(නයන බණ්ඩාර නොදැවී 38, ඩොවින් විතානගේ නොදැවී 31, ශමිල්ක දුල්ශාන් 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.