Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කේරි විදුහලට පහසු ජයක්

කේරි විදුහලට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තු කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ කේරි විදුහල සමත්විය.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු 13, එකදු කඩුල්ලක් හෝ දැවීයෑමට ප‍්‍රථම රැස්කිරීමට කේරි විදුහලේ තාරක ධනංජය සමත්විය.

කේරි විදුහලේ පළමු ඉනිමේද වැඩිම ලකුණු ලාභියාවූ තාරක ධනංජය ලකුණු 112 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 326 ක් දක්වා ඉහළ දැමීය.

ශෙහාන් නානායක්කාර ලකුණු 65 කට කඩුලූ 6 ක් දවාගමින් ශාන්ත තෝමස් විදුහලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.


කේරි විදුහල - පළමු ඉනිම - සියලූ දෙනා දැවී 326
(තාරක ධනංජය 112, චමල් චාමිකර 32, විග්නේෂ් අරවින්ද් 27, අදිත සමරසිංහ 27, චරිත් රාජපක්ෂ 35, ශෙහාන් නානායක්කාර 34, දිල්ෂාන් හෙන්දෙනිය 95/6, සුපුන් අරවින්ද 30/2)

ශාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම - සියලූ දෙනා දැවී 80
(දුලාන් අබේසේකර 21, චරත් රාජපක්ෂ 26/5, ශෙහාන් නානායක්කාර 24/4)

ශාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 258
(ශෂික තිලකසිරි 70, මයන්ත අළුවිහාරේ 26, රනුෂ් දීමන්ත 60/4, ශෙහාන් නානායක්කාර 41/2)

කේරි විදුහල - දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 18
(තාරක ධනංජය නොදැවී 18)


- 036

 


අදහස් (0)

කේරි විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.