තාරක ධනංජයගේ වේගවත් ශතකය නිසා අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ශාන්ත ආනා විදුහල සමග කොළඹදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) කී‍්‍රඩාව නිමාවන විට කේරි විදුහල සිය පළමු ඉනිම සඳහා ලකුණු 262 ක් ලබාගත්තේය.
පන්දු 100 කින් ලකුණු 142 ක් රැස්කළ තාරක ධනංජය ඊට හයේ පහර 7 ක් සහ හතරේ පහර 16 ක් අන්තර්ගත කළේය. මොහෙමඞ් අෆ්සාල් සහ යොහාන් කල්හාර කඩුලූ 4 බැගින් දවාගනිමින් කේරි විදුහලේ පිතිරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළහ.
වර්ෂාව නිසා මෙම තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවිය.
කේරි විදුහල පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලූදෙනා දැවී 262
(තාරක ධනංජය 141, ගිමන්ත විජේබාහු 28, චරිත් රාජපක්ෂ 20, මොහෙමඞ් අෆ්සාල් 65/4, යොහාන් කල්හාර 82/4, ජනිත් පෙරේරා 37/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 0.2 කදී කිසිවකු නොදැවී 01
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.