Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෙනුල නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණට

කෙනුල නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණට

Nisanka Sandeepani - 2018 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) 25 වැනි සතිය නිමාවන විට නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටි රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න සමත්ව සිටියි. ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 3,852 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 22,084 කි. 
 
කෙනුල නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ ඉකුත් සතිය නිමාවන තෙක්ම එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා දෙවැනි ස්ථානයට ඇද දමමිනි. මේ වන විට ඡන්ද 21,494 ක් ලබා සිටින දෙනුවන් ගෙවී ගිය සතියේදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2942 කි. ඒ අනුව තරගයේ අවසන් සතිය ක්‍රියාත්මක වන විට ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 590 ක් පමණි. 
 
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් ඡන්ද 32,189 ක් ලබා තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 1598 ක් එක්කරගෙන තිබේ. 
ඉකුත් සතිය තුළදී සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 2519 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 23,201 ක් දක්වා ඉහළ දමාගෙන සිටියි. විහන්ගේ ඉහළ යෑමත් සමග සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයට ඇද වැටුණ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ඡන්ද 19,931 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතියේදී ඔහු ලබා ගෙන ඇත්තේ ඡන්ද 829 ක් පමණි. 
 
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 20,753 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 8,204 කි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින පරතරය ඡන්ද 12,549 කි. 
 
මෙම තරගයට අදාළ අවසන් කූපන්පත මේ මස 25 වැනිදා ‘සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ අතර කූපන්පත් බාරගැනීම මේ මස 29 වැනිදා මධ්‍යහන 12.00 න් අවසන් වේ. එහෙත් www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීම සඳහා අප්‍රේල් මස 5 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව හිමිවේ. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත්පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 
 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 අනුමි නදිල්මා 350/ඊ/1/බී, අරුක්වත්ත උතුර, පාදුක්ක 
2 දින්කා පීරිස්, 34/25, ධර්මරත්න පෙදෙස, රාවතාවත්ත, මොරටුව 
3 සංකල්පනී මුණසිංහ, 238, සේවගම, පොලොන්නරුව 
4 නදී ද සිල්වා, 5/ආර්/3, රෙනයිසන්ස් නගරය, විවෘත විශ්ව විද්‍යාල පාර, නූපේ, මාතර 
 
-036 

අදහස් (0)

කෙනුල නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.