Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල්ගේ පිරිවර තුන්වැනි කඩුල්ලත් පනිති

කුසල්ගේ පිරිවර තුන්වැනි කඩුල්ලත් පනිති

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනාම කොරෝනා වෛරසය සම්බන්ධ තුන්වැනි වටයේ පරීක්‍ෂණයෙන් ද සමත්ව සිටින බව වාර්තා වේ. එම පරීක්‍ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට හෝ සහාය කාර්ය මණ්ඩලයේ කිසිවකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් සිව්වැනි වටයේ පරීක්‍ෂණ හෙට (බ්‍රහස්පතින්දා) කිරිමට නියමිතය.

තරගාවලියක් ආරම්භ වීමට පොරතුව කරනු ලබන පී.සී.ආර්. පරීක්‍ෂණ වට අතුරින් පළමුවැනි සහ තුන්වැනි වටවල පරීක්‍ෂණ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් කරනු ලබයි. දෙවැනි සහ සිව්වැනි වටවල පරීක්‍ෂණ කරනු ලබන්නේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව මගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුගිය 14 වැනිදා සිට පුහුණුවීම් වල නිරතව සිටින අතර සංචිතයේ සිටින ක්‍රීඩකයන් 24 දෙනා දෙපිල බෙදී තරග වදින පුහුණු තරග දෙකක් අද සහ අනිද්දා (16 සහ 18) දිනවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 


අදහස් (0)

කුසල්ගේ පිරිවර තුන්වැනි කඩුල්ලත් පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.