Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් ශතකය අභියස
නැෂනල් සුපර් ලීග් තරගාවලිය

කුසල් ශතකය අභියස

editorial - 2022 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සහ යාපනය කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 224 ක් රැස්කර සිටියේය.

අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක් සහ නිසල තාරක ලකුණු 11 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ආරම්භක පිතිකරුවන්වූ ක්‍රිෂාන් සංජුල සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 39 බැගින් රැස්කළ අතර මාධව වර්ණපුර ලකුණු 42 ක් ලබාගැනීමට සමත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා කඩුලු 4 ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.

කොළඹ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 224
(ක්‍රිෂාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් නොදැවී 83, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 42/4)


අදහස් (0)

කුසල් ශතකය අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.