ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විසුරුවාහැරි නිලධාරී මඩුල්ලේ භාණ්ඩාගාරික නුස්කි මොහෙමාඞ් සහ විධායක කමිටු සාමාජික ජයනන්ද වර්ණවිර යන මහත්වරු නව ක‍්‍රිකට් අතුරු කමිටුවට ඇතුළත්ව සිටීම පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ සාමාජික ක‍්‍රීඩා සමාජවල නියෝජිතයෝ විරෝධය පළ කර තිබේ.
අතුරු කමිටු නිලධාරීන් සහ ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් අතර ක‍්‍රිකට් ආයතන මූලස්ථානයේදී ඊයේ (07) පැවැති හමුවේදී ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් රැසක් අදහස් දක්වමින් විවිධ කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
මෙම හමුවට අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි සහ ලේකම් ප‍්‍රකාෂ් ශාෆ්ටර් මහත්වරු ඇතුළු සාමාජිකයෝ සහභාගි වී සිටියහ.
මෙම රැස්වීමට ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරු, ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. කෙසේ වෙතත් විසුරුවා හැරි ක‍්‍රිකට් ආයතන නිලධාරී මණ්ඩලයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා මේ අවස්ථාවට සහභාගි නොවූ බව වාර්තා වේ.
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූ ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ හිටපු නිලධාරී මණ්ඩලයේ දූෂණ චෝදනා ඇති බවට අතුරු කමිටුවක් පත්කළ බවත් නමුත් එහි භාණ්ඩාගාරික සහ විධායක කමිටු සාමාජිකයකු අතුරු කමිටුවට ඇතුළත්ව සිටීම අනුමත කළ නොහැකි බවයි.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී උපාලි ධර්මදාස මහතා පැවසුවේ හිටපු නිලධාරී මණ්ඩලයට දූෂණ චෝදනා කරමින් විසුරුවා හරිමින් හිටපු භාණ්ඩාගාරික සහ විධායක කමිටු සාමාජික අතුරු කමිටුවට පත්කිරීම කිසිවකු අනුමත නොකරන බවයි.
‘‘මම තමයි 2012 වසරේ අවසන් වශයෙන් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ. මම කටයුතු කරන කාලේ අයි.සී.සී. සමඟ සාකච්ඡා කරලා අපි එකඟ වී තිබෙනවා අතුරු කමිටු පිළිගන්නේ නෑ කියලා. හරි අපි අතුරු කමිටුවක් පත්කළා කියමු. ඒකට කොහොම ද හිටපු භාණ්ඩාගාරික සහ විධායක කමිටු සාමාජිකයා පත් කරන්නේ. මම කියන්නේ ඒක සාධාචාර විරෝධියි’’ යැයි ධර්මදාස මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම රැස්වීමේ අදහස් දැක්වූ ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ගෙන ඇතැයි කියන තීරණය දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වා තිබේ.
මෙහිදී රණතුංග මහතා මෑතකදී ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ක‍්‍රීඩකයකු ස`දහන් කරමින් ඔහුගේ උපදෙස් පරිදි ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් සංඛ්‍යාව අඩු කරමින් කොළඹ එක පැලැන්තියකට පමණක් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ හැකි තත්ත්වයකට පත්නොකරන ලෙස පවසා තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී නිශාන්ත රණතුංග මහතා පැවසුවේ මෙම ක‍්‍රීඩක සංඛ්‍යාව අඩු කිරීමෙන් ගමේ කොල්ලන්ට ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට ඇති අවස්ථාව නැති කරන බවයි.
‘‘අතුරු කමිටු නිලධාරීන් කිව්වා මහේල උපදෙස් දීලා තියෙනවා කියලා 40 කට අඩු කරන්න කියලා. පසුගිය වසරේ ගිවිසුමට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන්ට රුපියල් බිලියන 3 ක් විතර ගෙවලා තියෙනවා. එයින් 80% ක් ගෙවලා තියෙන්නේ එහි ප‍්‍රධාන ගිවිසුමේ ඉන්න ක‍්‍රීඩකයන් 25 කට විතර. ඒ කියන්නේ මේ කපන්න යන්නේ අඩියේ ඉන්න ක‍්‍රීඩකයන්ට ලැබෙන මුදලයි. මම කිව්වේ ඒ පව්කාර වැඬේ කරන්න එපා කියන එකයි’’ යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටලූ සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා මෙහිදී පවසා ඇත්තේ සාමාජික ක‍්‍රීඩා සමාජ මෙම රැස්වීමට පැමිණිය ද අතුරු කමිටුව පිළිනොගන්නා බවත් මෙහි කටයුතු නිවැරදි කළ යුතු නිසා රැස්වීමට සහභාගි වූ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.