තවත් සති තුනකින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් වන ‘ඩයලොග් ආසිආටා’ සමාගම විසින් ”කි‍්‍රකට් ලෝක කුසලාන ශී‍්‍ර ලංකාවේ අපේ ජාතික පැතුමයි” යනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබපතන්නන්ගේ අත්සන් එක්කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානය ඉදිරිපිටදී අද (23 වැනිදා) ආරම්භ විය.
මෙම අත්සන් එකතු කිරීම සඳහා විශේෂ රථයක් ඊයේ දිවයින පුරා ගමන් කිරීම ආරම්භ කළේය. මෙම රථයේ ඇති ඩිජිටල් පුවරුවක් මත තම අදහස් ලිවීමෙන් සහ අත්සන තැබීමෙන් ශී‍්‍ර ලංකාව පුරා විසිරී පැතිරී සිටින කි‍්‍රකට් ලෝලීන්ට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබපැතුම් එක්කළ හැකිය.
මෙ වන විට නවසීලන්තයේදී තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම, ඩයලොග් ආසිආටා සමාගම විසින් සපයන ලද වීඩියෝ දුරකතන තාක්‍ෂණය යොදාගනිමින් මෙම අවස්ථාවට එක්විය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානය ඉදිරිපිටදී අද පැවැති මෙම සුබපැතුම් එක්කිරීමේ සමාරම්භක අවස්ථාවට ඩයලොග් ආසිආටා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාත් එම ආයතනයේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනි අමලි නානායක්කාර මහත්මියත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු තවත් නිලධාරීහුද සහභාගි වූහ.
ඡයාරූපය : ඉන්ද්‍රරත්න බාලසූරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.