Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කැළණිය ධර්මාලෝකය අර්ධ අවසන් පූර්ව වටයට

කැළණිය ධර්මාලෝකය අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 48 ක ජයක් හිමිකරගත් කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය.

මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ පසිඳු බොතේජූ (57) අර්ධ ශතකයක් රැස්කිරීමට සමතවිය. නුගවෙල ම.ම. විද්‍යාලය වෙනුවෙන් ජනිත ජයවර්ධන (63) අර්ධ ශතකයක් ලබාගත් අතර හසිංත පොල්කොටුව ලකුණු 58 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 249
(පසිඳු බොතේජූ 57, කවිඳු මල්ෂාන් නොදැවී 28, කවිඳු සංකල්ප 27, හසිංත පොල්කොටුව 58/6)

නුගවෙල ම.ම. විද්‍යාලය - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී 201
(ජනිත ජයවර්ධන 63, රවිඳු වටගොඩ 31, දිනෙත් තාරක 32/3, සුපුන් මලිඳු 25/2, කවිඳු මල්ශාන් 13/2)

 


අදහස් (0)

කැළණිය ධර්මාලෝකය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.