වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ තරගයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් පිල සහ පැන් ඒෂියා බැංකු පිල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය කැන්රිච් ෆිනෑන්ස් පිල ඕවර 31.2 ක් අවසානයේදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. කැන්රිච් ෆිනෑන්ස් පිලේ හෂාන් දුමිඳු, ලකුණු 53 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පැන් ඒෂියා බැංකු පිලට ඕවර 46.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153 ක් පමණි.
එහිදී ලකුණු 30 කට කඩුලූ 5 ක් දවාගත් ප‍්‍රභාත් ජයසූරිය, පැන් ඒෂියා බැංකු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
පැන් ඒෂියා බැංකු පිල - ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 153
(විරාජ් දීපාල් 52, චාමික සසංක 21, ප‍්‍රභාත් ජයසූරිය 30/5, ශොහාන් පෙරේරා 19/2)
කැන්රිච් ෆිනෑන්ස් පිල - ඕවර 31.2 කදී කඩුලූ 4 ක් දැවී 155
(හෂාන් දුමිඳු 52, අශේන් සිල්වා නොදැවී 36, බුද්ධික අල්විස් 30/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.