Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කැන්රිච් ෆිනෑන්ස් පිලට ලකුණු 96 ක ජයක්

කැන්රිච් ෆිනෑන්ස් පිලට ලකුණු 96 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ තරගයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් පිල සහ කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල අතර සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 96 ක ජයක් අත්කර ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලට  ඕවර 30.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 109 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්රිච් ෆිනෑන්ස් පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තේය.

එහිදී හෂේන් රණසිංහ (62) සහ අලංකාර අසංක (නොදැවී 53) අර්ධ ශතක රැස්කරමින් කැන්රිච් ෆිනෑන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


කැන්රිච් ෆිනෑන්ස් පිල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 205
(හෂේන් රණසිංහ 62, අලංකාර අසංක නොදැවී 53, හැන්ස් ප‍්‍රනාන්දු 24, සුරංග ශාලින්ද 31/4, ඉමේෂ් උදයංග 41/2)

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල -  ඕවර 30.2 කදී සියලූ දෙනා දැවී 109
(ඉමේෂ් උදයංග 57, රොෂාන් ලක්සිරි 26/3, ධනංජය ද සිල්වා 11/2, මහේල විජේලත් 36/2)

 

- 036


අදහස් (0)

කැන්රිච් ෆිනෑන්ස් පිලට ලකුණු 96 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.