Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තාවන්ට තුන්කොන් තරගාවලියක්
19 න් පහළ ක්‍රිකට්

කාන්තාවන්ට තුන්කොන් තරගාවලියක්

editorial - 2024 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ඕස්ට්‍රේලියානු, ලංකා සහ එංගලන්ත 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියක් මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. විස්සයි-20 සහ එක්දින සීමිත ඕවර යන ආකෘති දෙකින්ම තරග පැවැත්වෙන අතර එක් එක් ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමක් විසින් අත්පත් කරගනු ලබන ප්‍රසාද ලකුණු එකතුව මත තරගාවලියේ ශූරියන් තෝරාගනු ඇත. 
 
මෙම තරගාවලිය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
සෑම කණ්ඩායමක්ම විස්සයි-20 තරඟ හතරක් සහ ඕවර 50 තරඟ දෙකක් බැගින් ක්‍රීඩා කරනු ඇත. මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවක් දීමයි.
 
ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කණ්ඩායම් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී බොහෝ ඉදිරියෙන් සිටින කණ්ඩායම් වෙති. එවන් රටවල යොවුන් කණ්ඩායම් සමගින් තරග කිරීම ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට උපකාරී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 
 
තරගාවලියේ කාලසටහන
මාර්තු 28 : ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වි-20 තරගය හම්බන්තොටදී
මාර්තු 29 : ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වි-20 තරගය හම්බන්තොටදී
මාර්තු 30 : ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වි-20 තරගය හම්බන්තොටදී
අප්‍රේල් 1 : ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වි-20 තරගය හම්බන්තොටදී
අප්‍රේල් 2 : එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර වි-20 තරගය හම්බන්තොටදී
අප්‍රේල් 3 : එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර වි-20 තරගය හම්බන්තොටදී
අප්‍රේල් 5 : ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕවර 50 තරගය ගාල්ලේදී
අප්‍රේල් 7 : ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඕවර 50 තරගය ගාල්ලේදී
අප්‍රේල් 9 : එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඕවර 50 තරගය ගාල්ලේදී

අදහස් (0)

කාන්තාවන්ට තුන්කොන් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.