
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා විස්සයි-20 ජාතික සුපිරි ලීග ක්රිකට් තරගාවලිය බ්ලූස්, ග්රේස්, ග්රීන්ස් සහ රෙඩ්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජනවාරි මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ ක්රීඩාංගණ 4 කදී පැවැත්වීමට නියමිතය.
මූලික වටයේ තරග 12 කින් සහ අවසන් මහ තරගයකින් සමන්විත මෙම තරගාවලියේ තරග බී.ආර්.සී. ක්රීඩා සමාජ, කෝල්ට්ස් ක්රීඩා සමාජ, පී. සරවමුත්තු සහ තර්ස්ටන් විදුහල් ක්රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව තරග 2 කට බැගින් සහභාගි වන අතර මූලික වටය අවසානයේ ප්රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
එක් දිනකදී මූලික වටයේ තරග 2 බැගින් පැවැත්වීමටත්, තරගාවලියේ අවසන් මහ තරගය 17 වැනිදා පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී පැවැත්වීමටත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
තරග කාලසටහන
■ ජන. 8 වැනිදා - බ්ලූස් කණ්ඩායම සහ ග්රේස් කණ්ඩායම අතර බී.ආර්.සී. ක්රීඩාංගණයේදී
■ ජන. 8 වැනිදා - ග්රීන්ස් කණ්ඩායම සහ රෙඩ්ස් කණ්ඩායම අතර බී.ආර්.සී. ක්රීඩාංගණයේදී
■ ජන. 9 වැනිදා - ග්රීන්ස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර තර්ස්ටන් ක්රීඩාංගණයේදී
■ ජන. 9 වැනිදා - ග්රේස් කණ්ඩායම සහ රෙඩ්ස් කණ්ඩායම අතර තර්ස්ටන් ක්රීඩාංගණයේදී
■ ජන. 11 වැනිදා - රෙඩ්ස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර තර්ස්ටන් ක්රීඩාංගණයේදී
■ ජන. 11 වැනිදා - ග්රේස් කණ්ඩායම සහ ග්රීන්ස් කණ්ඩායම අතර තර්ස්ටන් ක්රීඩාංගණයේදී
■ ජන. 12 වැනිදා - රෙඩ්ස් කණ්ඩායම සහ ග්රීන්ස් කණ්ඩායම අතර බී.ආර්.සී. ක්රීඩාංගණයේදී
■ ජන. 12 වැනිදා - ග්රේස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර බී.ආර්.සී. ක්රීඩාංගණයේදී
■ ජන. 14 වැනිදා - රෙඩ්ස් කණ්ඩායම සහ ග්රේස් කණ්ඩායම අතර පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී
■ ජන. 14 වැනිදා - බ්ලූස් කණ්ඩායම සහ ග්රීන්ස් කණ්ඩායම අතර පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී
■ ජන. 15 වැනිදා - ග්රීන්ස් කණ්ඩායම සහ ග්රේස් කණ්ඩායම අතර කෝල්ට්ස් ක්රීඩාංගණයේදී
■ ජන. 15 වැනිදා - බ්ලූස් කණ්ඩායම සහ රෙඩ්ස් කණ්ඩායම අතර කෝල්ට්ස් ක්රීඩාංගණයේදී
■ ජන. 17 වැනිදා - අවසන් මහ තරගය පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.